iOS Default Keyboard එකෙන්ම සිංහල ටයිප් කරමු
iOS කට්ටියට තියෙන ලොකුම ප්රශ්නේ සිංහලෙන් ටයිප් කරන එක,මොකද වෙන app එකක සිංහලෙන් කොටලා කොපි පේස්ට් කරන එක මටනම් වහකදුරු වගේ,නිකමට බුකියේ ඉස්ටෙටස්සුවක් දැම්මම Pràdèèp Làkmàl සහෝදරයා මට කිව්වා එකක් හදපන් කියල,මේක 100%කම වැඩ කරනවා,ටයිප් කරන්නත් ලේසියි, ජේල් බ්රේක් කර තිබිය යුතුයි
ඔන්න කි බෝඩ් එකේ අලුත්ම අප්ඩේට් වර්ෂන් එක (v 0.1.2) රිලීස් කළා,දැන් cydia වලින්ම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්, cydia වල manage>Sources>Edit>Add වලට ගිහින් Cydia.myrepospace.com/nimeshnishara දීලා සෝස් එක add කරගන්න.පස්සේ add කරගත්ත සෝස් එකේ ඇතුලට ගියාම sinhala keyboard කියල එකක් ඇති,ඒක ඉන්ස්ටෝල් කරගන්න,ඕනෙනම් respring කරගන්න. එච්චරයි.
අලුත් වර්ෂන් එකේ (v 0.1.2) ස්ක්රින්ෂොට්
අලුත් අප්ඩේට් එකේ change log එක :
- බෝ,යි,පු වැනි අඩු වී තිබු අකුරු ඇතුලත් කිරීම
- සඤඤක අකුරු ඇතුලත් කිරීම
- පිල්ලම් වෙනම ඇතුලත් කිරීම
- සිම්පල් අකුරු මොඩ් එකේදී ක,ග,බ,ත වැනි අකුරුත් කැප්ස් ලොක් on කර ඛ,ඝ,භ,ට වැනි අකුරුත් ඇතුලත් කල හැකි ලෙස නැවත සම්පුර්ණයෙන්ම සැකසීම,
- deb පැකේජ් එක uninstall කල පසු නැවත install කිරීමට පෙර තිබු ආකාරයට පත් කරගත හැකි ලෙස පැකේජ් එක recompile කිරීම
භාවිතයට උපදෙස් :
ඕනෑම තැනක සිංහලෙන් ටයිප් කරන්න පුළුවන්, ක , ග , බ වගේ අකුරු ටයිප් කරන්න සිම්පල් මොඩ් එකේදී ( කැප්ස් ලොක් on නොකර ) අකුරු උඩ long press එකක් දෙන්න. ඛ , ඝ , භ වගේ අකුරු ටයිප් කරන්නනම් කැප්ස් ලොක් on කරගෙන අදාළ අකුර උඩ long press එකක් දෙන්න. ඤ , ඥ වගේ අකුරු වලට කැපිටල් Z උඩ long press කරන්න, පිල්ලන් සඳහා කැපිටල් A උඩ long press එකක් දෙන්න,
iOS 7 වල ස්ක්රින්ෂොට් ( v 0.1 )
iOS 6 වල ස්ක්රින්ෂොට් ( v 0.1 )
මේක ගැන නොදන්නා යාලුවන්ට මේ ගැන කියන්න.
ලගදීම iOS 5න් පහල අයටත් මෙහෙම එකක් හදල දෙන්නම් :D
ප.ලි :මෙය සැදීමේ අදහස සහ නිර්මාණය මගේය,මේක උස්සලා කැත වැඩනම් කරන්න එපා මචන්,හෙන කට්ටක් කාලා හැදුවේ. ඒ නිසා කරුණාකර ඩිවෙලොපර් අයිතිය සුරකින්න.උස්සනවානම් උස්සන්න,එත් නිකමට වගේ බ්ලොග් එකේ ලින්ක් එක දාන්න කාරුණික වන්න -_-
© Nimesh Nishara 2014
© Nimesh Nishara 2014


ඉඳිමාගෙදර | Blogger | iOSFan | iOS Tweak Developer | Geek | EDM Lover | Tech Guy | TV Series Junk | Creator of first Sinhala Keyboard for iOS ever|SLIIT