අහිමි වූ ඔබට ලියමි
අහිමි වූ ඔබට ලියමි....
ඔයා හිතනව ඇති ඉන්න තැනක ඉදන් අපිට මොකද මේ උනේ කියල.ඔයා නොදන්න කරුනුත් එක්ක මම කතාව ලියල එවන්නම් ඔයාට....
ඔයා දැක්ක දවසේ ඉදන් මම ආදරේ කලේ,එක ඔයා හොදටම දන්නව.මම යාලුවො එක්ක ඔයා ගැන කොච්චර දේවල් නම් කියවන්න ඇද්ද?එ දවස් වල මගෙ කටේම තිබ්බේ ඔයා ගැන.පංති ගියත්,මනෝ ගහද්දිත් කල්පනා කලේ වෙන කවුරුවත් ගැන නෙමේ ඔයා ගැන.. ඒ තරම් ඔයා මගේ ඔලුවේ පැලපදියම් වෙලා හිටියෙ ඇයි කියන්න මගෙ හිත තාම හේතුව දන්නේ නෑ.
කොහොමහරි ඔයාව මගේම කරගන්න කොච්චර කට්ටක් කෑවද?ඒක දන්නේ මමම විතරයි.නොකා නොබී ඉදලම මම ලෙඩත් උනා.ඔයා ඒවා දන්නේ නෑ.ඒත් ඉතිං ආදරේටනේ,නේද බබා,
ඔයා ගැන මම අම්මට කිව්ව දවස මට අද වගේ මතකයි.අම්ම ගේ ප්රතිචාරය උනේ "මුලින් ඉගෙනගෙන ඉදපන්" කියල.තාත්ත කිව්වේ "අඩු ගානේ ඔලෙවල් වත් පාස් වෙයන්,දැන්ම උබට ඕවා ඔනේ නෑ" කියල.එදානම් මට ගොඩාක් දුක හිතුන මැනික.කවදාවත් ඔයා මගේ කරගන්න බැරි වෙයි කියල හිතුනා.ඉවසන දනා ලග එකෙක්වත් නැතත් ඉස්සර උන එකා ලග ඉහටත් උඩින් කියනවනේ. ඉතින් මම කෑම කන එක නැවැත්තුවා.දවසින් දවස මාව කෙට්ටු උනා.මම විදින දුක බලන් ඉදල බැරිම තැන අම්මල හා කිව්වා.එතකොට ඕලෙවල් ඉවර කලා විතරයි.මතක් වෙද්දිත් ඇග හිරි වැටෙනව.
මතකද ඔයා මගේම උන දවස? එදා රෑ මට නින්දක් නෑ.අරව කරනව මේව කරනව ඉවරයක් නෑ,ඔයත් ඔහේ බලන් ඉන්නව ඔයාට නෙමේ වගේ.එදා තරම් සතුටු උන දවසක් ජීවිතෙ වෙන නැතුවත් ඇති.එදා ඉදන් කොහේ ගියත් ඔයාගේ අතින් අල්ලන් ගියේ,තනියම නොගිය තැනක් නැති තරම්,ක්ලාස් යද්දිත් අතින් අල්ලන් ගියේ,බස් එකේ යදදිත් එහෙමයි,බීච් යද්දිත් එහෙමයි,පාක් එකේදිත් වැඩි වෙනසක් නෑ.කොටින්ම මට දැන් ගෙදරින් එලියට බහින්න හිතෙන්නෙත් නැති තරම් ඔයා නැතුව,ඔයාට මගේ ළඟින් හෙලවෙන්නවත් දුන්නේ නෑ.එ අතීතේ මතක් වෙද්දිත් කදුලු උනනව ඇස් දෙකට.
මතකද සුදූ අපිට අහලපහල උන් කිව්ව කැත කතා."වයසටද වැඩ","ඔකා මොනව කරනවද දන්නෑ.පොඩි කමට නෙමේ මුන්ගෙ වැඩ". වැඩියම මෙහෙම කිව්වේ වයසක උදවිය.අටලෝ දහම ගැන හිතල මම හිත හදාගත්තේ ඔයා නිසා.නැත්තන් මම දනී උන්ට කියන කතා,
ඔහොම යද්දි අපිට කනකොකා හඩන්න ගත්ත හැටි මතක් වෙද්දි පපුවත් එක්ක රිදෙනවා බබා.එදා ක්ලාස් ගිහින් එද්දි වැටුන අනෝරා වැස්ස මුරුගසන් වර්ෂාවක් කියලමයි මට හිතුනේ,ඒ වැස්සෙ ඔයාගේ අතින් අල්ලන් එකට ආපු හැටි මතකයි නේද ඔයාට?අනේ එදා ගෙට ගොඩ උන ගමන් ඔයා හයියෙන් කහින්න ගත්ත.බැරිම තැන මම ඔයාගෙ පිටට තට්ටුවක් දැම්ම.එත් අඩු නොවුන තැන ඔයාගේ ඇදුම් එක එක ගැලෙව්ව.ඔයාට ලැජ්ජත් හිතුනද මන්දා.ඊට පස්සේ වේලිච්ච තුවාතකින් ඔයාව හොදට පිහදැම්මා.ඔයා හිටියෙ බොහොම ලෙඩ පාටට.දැක්කම පපූව හෝස් ගාල යනව.එදා රෑ වෙද්දී ඔයාට ටිකක් සනීප උනා.එදත් රෑ වෙනකම් එක එක එව්ව කර කර ඉදල නිදාගත්තා අපි මතකද.
එදායින් පස්සෙ නිතරම ඔයා ලෙඩ වෙන්න ගත්තා.ඩොක්ටර්ස්ලට පෙන්නල යන්තම් බේර ගත්තෙ,එයාල කිව්වේ වතුර ඔයාට ගොඩක් අගුණයි,මේක ඔයාගේ පාරම්පරික ලෙඩක් කියල.ඔයාගේ මූන බලන් මම කොහොම එහෙම හිතන්නද?ඔයා දීප්තිමත් ව හිනාවෙද්දි කාටද එහෙම හිතෙන්නේ?කොටින් ම ඒ කාලේ යාලුවො මට කිව්වේ උබ මාර ලකී කියල.ඒ ඔයා නිසා.
ඔයා මට අහිමි උන දවස මම මතක් කරන්නත් ආසම නැති දවස.එදා ටිකක් අදුරැ දවසක්.පුරැදු විදියට ක්ලාස් ගිහින් අපි දෙන්නම අත් අල්ලන් ආවේ,පාරෙ බලු බල්ලෙක් නෑ,තනිකරම පාලු පාරක්.පාරේ වංගුවකින් හැරෙද්දීම ආවේ මහා වේගෙකින් කරුම ටිපර් ලොරියක්,ලගට එනකන්ම රියදුරා මාවවත් මම ලොරියවත් දැක්කේ නෑ.සද්දෙ ඇහුනෙ නැත්තේ අපි අපේම ලෝකෙක ඉදපු නිසා වෙන්න ඇති, කොහොම හරි වේගෙන් ආපූ ලොරිය ඔයාව අල්ලන් ඉදපු අතෙ වැදුන.ටකස් ගාල සද්දයක් එක්ක මගේ අත කැඩුන.එත් මම බැලුවේ ඔයා ඉන්නවද කියල.මට කෑගැහුන. ඔයා ලොරි රෝදෙකටම අහු වෙලා චප්ප වෙලා.ඔයා ජීවතුන් අතර නෑ කියල මට තේරුනා.අර ලොරිකාරය අපිට උදව් කරන්නවත් නවත්තන්නේ නැතුව යන්න ගියා.මම බිම වැටිල හිටියෙ,ඔයාගේ පණ නැති මළකඳ තිබ්බ තැනට මම බඩගාගෙන වගේ ගියා.
අයියෝ,මේ මාත් එක්ක මහ රෑ වෙනකම් ඇහැරගෙන හිටපු ඔයාද කියල අදුර ගන්න බැරි ගානට ඔයා විරෑපී වෙලා,පාක් එකේ,බීච් එකේ අත් අල්ලන් ගිය ඔයාට මොකද උනේ,බස් එකේ යද්දී ආඩම්බරෙන් මාත් එක්ක ගි ය ඔයා ට මේ මොකද උනේ? පාරේ යද්දී කොල්ලො හැරී හැරී බලපු ඔයා ට මොකක්ද දෙයියනේ මේ උනේ? ඔයාගේ සුන්බුන් තද කරල නොකැඩුනු අතින් මිරික ගනිද්දී ඔයාගේ ඉතුරැ වෙලා තිබ්බ වීදුරැ කටු වලට අත පසාරැ වෙනව දැනෙද්දිම මට සිහිය නැති උනා....
මීට..
පණටත් වඩා ජංගම දුරකතනයට ආදරය කරන මම