සයිබර් සිහින බක් මහා උළෙල 2014


ගියපාර බීච් පාටියට එන්න හිටියාට කුණු මරාලයක් කඩාගෙන වැටීම නිසා  එන්න උනේ නැත,මේ පාර සිහින උළෙලේ සද්දේ ඇහෙද්දීම මේකටවත් එන බව සිතා ප්ලෑන් බර ගානක් සෑදුවේ ය.දවස් ගණනක් කට්ට කෑමෙන් පසු 20 උදා විය,කලින් දවසත් පට්ට බිසී ය,රෑ පටියකට ගිහින් ඇවිත් ටුවිටරයේ වාද බයිලා කියලා නිදා ගනිද්දී පාන්දර දෙක විතර වෙලා ය,කොහොම හරි 6 ට විතර අම්මා මාව නැගිට්ටුවේ ය,බස් එකේ එන්නට සිතා පාරට බැස්ස විට එළුවා නොහොත් නිලුෂාන් බයික් එකේ යමු යයි කිවේය,අනේ ඉතින් මම මු එනකම් පැය බාගයක් අවුවේ කර උනේ ය.අන්තිමට මු ඉස්කුටියක් උස්සන් ඒම නිසා 8.45 වෙද්දී බුද්දදාස ග්‍රවුන්ඩ් එක ලගට එන්න පුළුවන් විය,ගේට්ටුව ලගටම එද්දී සෙට් උනේ දේවක අයියා ය,මු දැක්ක ගමන් කිවුවේ උබව බුකියෙන් දකිද්දී පොඩි එකෙක් කියල හිතුවට උබ දෙකේ හතරේ එකෙක්නෙ කියලාය.මාත් පොඩි පනාවක් දා බැනර් එකේ පුටෝවක් අරන් ඇතුලට ගියෙමි,
                                    
යද්දී රෙජිස්ටර් කරන තැන සරම් ඇදගත්තු ගොඩේ ටයිප් පොෂ් ඩයල් ටිකක් සිටියේ ය.උන් එක්ක කතා කරන්නට කලින් ටෝකන් එක ගත්තේ නැත්තම් දවල් කෑමට බඩු පැකට් වෙන නිසාය.ටෝකන් එකට සල්ලි දෙද්දී සසිදුවා උබේ සයිස් එක මොකද්ද ඇසිය,මට නිකම් මෙවුවා මෙවුවා විය,යකෝ,එවුවා තැන තැන කියන ඒවාද?අහ උබට එක්ස්ට්‍රා ලාජ් වෙන්න ඇති කියල මොකක්දෝ අතේ තිබ්බේ ය.අම්මට හුඩු ටි ෂර්ට් එකක් ය.සයිස් එක ඇහුවේ මේකටය,කවුද දන්නේ එහෙම එකක්,ටි ෂර්ට් එකනම් පට්ටය,මමත් එළුවාත් පටස් ගා ටීෂර්ට් එකට බැස්සේ ය.ඔක්කොම හොදය,ටි ෂර්ට් එක කළු නිසා දාඩියනම් අම්බානෙට ය,කමක් නැත,නිකම් දුන්න ෂර්ට් එකේ දත් ගනින්නේ මොකටද? ෂර්ට් මාරු කරගන්න යද්දී සුලැගිල්ලාව හම්බ විය,මම හිතාගෙන හිටියාට වඩා ඌ කටු ගොඩක් ය., එතනම තරිදු දනන්ජයත් විය,උන් එක්ක කතා කර ටික වෙලාවකින් ෂර්ට් මාරු කරගෙන පැත්තක වැඩි උනේ මු ය,මම උදේ පටන් ගත්තු ලයිව් අප්ඩේට් කරන සින් එකටත් පොස්ට් එක දෙතුන් පාරක් එඩිට් කලේ ය.ටික වෙලාවකින් රජා,තරියා සහ තව දෙතුන් දෙනෙක් සෙට් විය,මගේ නමම තියෙන ඔටුවෙකුත් එතනට ආවේ ය.මුදියා සහ අසංක යන නිවුන්නු දෙන්නා එකට සිට පුටෝ දෙක තුනකුත් වැදුනේ ය.හම්බ අතවරයට ලක් වූ සුදු මහත්තයා ද සැට් විය,පලවෙනියට සහබාගි උන ගෙට්ටුව නිසා මෙවුවා මෙවුවා වගේ ය,හැම එකාම මාව දන්නේ නිමේෂ් නිශාර නොව ඉදිමාගෙදර කිව්වාට පසු ය,



                       කනාමුට්ටි එල්ලන තැන සිට මම කැමරාවට වද දීම පටන් ගත්තේය,මුන් ටික මුට්ටි උස්සන් යන්නේ ය.මම පුටෝ ගන්නේ ය.





9ට පටන් ගන්න තිබ්බ වැඩේ පටන් ගත්තේ 10ට ය.කොහොම හරි මීටර 100 පිරිමි එකනම් නියමය,සරම් ඇදපු පොෂ් ගොඩයන්ගේ සරම් කරේ ය.එකෙක්නම් කිව්වේ විට් ad එකක් කියලා ය,

බනිස් කෑමේ තරගයත් හෙනම ආතල් ය.බනිස් කෑවාද කට්ටිය පත්තර කෑවා ද මංදාය.


බනිස් දැකලා හිත මෙවුවා විය,බඩ ගුරු ගුරු ගාන්නට විය,මම,සුද්දා,ඔරිජිනල් චකබ්ලාස්ට්,එළුවා ඇතුළු සැට් එකම කන්නට ගියේ එනිසා ය,කන තැනදී කවුදෝ මන්දා cdma ෆෝන් එකකින් කෝල් ගන්නේ ය,පැපරාසි ෆොටෝවක් වැදුනේ නම් නැත,
                                  
කාලා එද්දී පොඩි කබර පැටියෙක් විය,එතන ඉදපු කවුදෝ එකෙක් සුද්දාට අන්න කිඹුල් හුනෙක් කිවේ ය,අනේ මේ ගොන් වස්සා ඇත්තම කියලා හිතලා කබරයාව අල්ලන්නේ ය,කබරයා මුට බාවෙන් නෙළුවේ නම් පට්ට වෙන්නේ ය,යකෝ සුද්දා ගමේ කොල්ලෙක් ලු නේ? මූ වගේ ගන් කබරයෙක් , කබරෙයෙක්ට කිඹුල් හුනෙක් කියලා රැවටෙද්දී විලි ලැජ්ජය.

 කනා මුට්ටි බිඳිද්දී රට කොජා එක පොල්ලෙන් මුට්ටි දෙකක්ම බින්දේ ය/හෝ එහෙම පෙනුනේ ය.ඊට පස්සේ තිබ්බ තරඟ බලන්නට මම හිටියේ නැත,ඒ අලුතෙන් ෆිට් ඌ උන් එක්ක කතා කරන්නට ඕනා නිසාය.අපි උඩ තට්ටුවේ සිට සිහිනයාට තොන්ඩුවක් නම් දැම්මේ නැත, තව කුප්ප වැඩනම් නැති වෙන්නම කෙරුනේ ය,පවනියා සහ සුද්දා වොශ්රුම් එකේ ඉදන් නටපු නාඩගම් ද කැමරා ගත විය,

බලන් ගියාම සුද්දා ලගින් කෙල්ලෙක් තියලා යන එක ගැන බය වනවාට වඩා කොල්ලෙක් තියලා යන එක ගැන බය ය.අනේ මන්දා ය.
අපි සැට් එක ගස්ලබු ගෙඩියේ ඇට ගෙස් කරන්න වැඩේ වන තැනට යද්දී බෙනා සැට් විය,හපෝ,ගස්ලබු ගෙඩිය අමුම අමු කලටි එකක් ය,හෙලෙව්වට වතුරත් නැත,කිව්වානම් මම තැඹිලි ගහකට නැගලා ගස්ලබු ගෙඩියක් කඩලා දෙනවා ය ඒ මදිවට ගෙඩියේ ඇට ගාන කියන්න රුපියල් දහයක් ගන්නේ ය,මම සසිදුවාට රුපියල් දහයක් දුන්නම මූ ඉතුරු දහය දුන්නෙත් නැත, -_- ගෙඩියේ ඇට කියලා ඉවර වෙලා කොට්ට පොර තිබ්බ පැත්තට ගියේ මු ය,කොට්ට පොර කිවුවට මුන් ගහන්නේ කතා වෙලාද කොහෙද ය,ඉස්කුබියා බිම වැටි කකුල මෙවුවා කරගත්තේ ය,හා පැටියා ඌව පැත්තකට ඇදගෙන ගියත් නැවතත් බලු නාම්බා ගේමට එන්ටර් විය,උගේ ඇගේ ඉදපු මැක්කෝ ගැන මට දුක ය.මුගේ කුඩා ශරීරයට යට වී උන් සුවසේ ජිවත් වනවා විය හැක :3 මාරයා අයියත් එක්කත් එතැනදී කතා කරන්නට ලැබුනේ ය.මාරයා අයියත් හිතාගෙන ඉදලා තියෙන්නේ මම බොහොම පොඩි එකෙක් කියලා ය,මම දැවැන්ත එකෙක් බව දැක මාරයාත් පුදුම විය.
             කොට්ටපොර පිටියේදී කතන්දරකාරයා විසිටින් කාඩ් වගයක් බෙදුවේ ය,ක.කා මෙච්චර තරුණයි කියලා මට හිතුනේ දැක්කාම ය.ඇත්තටම බොහොම සුන්දර මනුස්සයෙක් ය,

දවල් කෑම එකයි වතුර බෝතලයයි අරන් අපි සෙට් එක පැත්තකට වී සංවරව වළඳා ඉවර කළෙමු ය.ඊට පස්සේ ක.කා ඔහු විසින් රචිත පොත් බෙදා දුන්නේ ය.මටත් පොතක් ලැබුනේ ය,ඇත්තටම එයනම් වටිනා පොතක් ය :D
   ලයිව් අප්ඩේට් කරන්න කියා ආවත් ෆෝන් එකට කෙල උනේ ය,ෆෝන් එකයි කැමරාවයි එකට තෙරපි ටච් එකේ උඩ කොටසක් ඉවරය,අයියෝ මගේ අහිංසක ඇපල් මෙවුවා එක.

සංගීත තොප්පි තරගෙට යන්තම් රිංගා ගතිමි,මට එහා පැත්තේ සිටියේ අයිෂ් අක්කාය,DJ අයියා(JD අයියා නොවේ ) අයිෂ් අක්කා එක්ක ජම්මාන්ත වයිරයක් තියෙන එකෙක් ලු ය,ඌ සින්දුව නවත්තන්නේ අයිශ්ව කපන්නම ලු ය,අනේ ඔය වයිරෙන් කෙල උනේ එහා පැත්තේ සිටි මට ය,
එතනින් පස්සේ කඹ අදිනවා බලන්නට ගියෙමි,රජාලගේ කණ්ඩායම අනිත් ටීම් දෙකටම පරාද ය,ඒක නම් ඉතිහාසගතවන පරාජයක් ය.

මාළුපාන් සහ කිරිපකට් සංග්‍රහයෙන් පස්සේ අටමාගේ සුදු පාට දත් ඇන්ද සහිත දුර්ලබ පුටෝවක් ගන්නට හැකි විය,

චන්දන අයියා වැද්දාට ඇද අපට පට්ට ආතල් එකක් දුන්නේ ය,බනියා රසවත් හාවෙක් කියා තව ටිකෙන් උට ඊ තලෙන් විදිනවා ය.

පවනියා මල් පැණි බි තිබු ප්‍රමාණය වැඩි නිසා චන්දන අයියාගේ ඇගේ එල්ලුනේ ය,කට්ටිය කැමරා රේඩි කරගත්තේ අවලන් සින් එකක් යයි කියලා විය හැක,අනේ මේ පවනියා " තාත්තේ කුක්කු ඕනේ" කියා හඩන්නට විය,යකෝ මූ තාත්තාගෙන් කුක්කු ඉල්ලන්නේ,මාර එකෙක් ය,තව ටිකෙන් චන්දන අයියා උට කුක්කු පොවනවා ය.

මට ඇතුළු තව කීප දෙනෙක්ට මරණ තර්ජන එල්ල කල ශම්මියා ආවේ හවස ය,මට බෝම්බයක් ගහනවා කිව්වට ගහපු බෝම්බයක් නැත,කට විතරය,ලාවට පාරක් ගහන්නට හදද්දී මම ලිස්සා යාම නිසා බේරුනෙමි,එහෙත් බෙල්ලෙන් අල්ල සෙලවීමට තරම් කාලයක් ශම්මියාට ලැබුනේ ය,හොද වෙලාවට බෙල්ලෙන් අල්ලන් ඉන්න එවුවා කැමරා වල නැත, :D
(මුණ දීමට නොහැකියාව නිසා ෂම්මියාගේ දැඩි මරණ තර්ජන හමුවේ මුණ වසන්නට විය.ලබන ගෙට් එකටත් මම එන්න එපැයි,ලබන පාර පොලු කෑල්ලකින් වත් නෙලුවොත් :o )


හවස ජන ගී කියද්දී ගයේෂා(ඔවු ඔවු එයා තමා) සපැමිණියේ ය,මානවකයටනම් එතකොට උන් හිටි තැන අමතක උනාද කොහේ ද ය.මූ හිටු කියලා වැඩ කිඩ දාන්නේ ය.ඒ අස්සේ කවුදෝ මන්දා (උෂාන් අයියා විය යුතුය) ප්‍රසිද්දියේ ඕනයාට හවස එන්නද කියා කවියෙන්ම ඇසුවේ ය.ගයේෂා අක්කත් එතන ය.යකෝ ලජ්ජා බයට හදුන ගෑනු ළමයි ඉස්සරහ ඔවුවත් කියනවාද?ඕනයාත් ඕලෙවල් කාලේ නවත්තපු වැඩේ ආපහු කරන්නට උෂානයාට කොළ සිග්නල් එක දුන්නේ ය,අනේ මන්දා ය.ජන ගී තරගේ නෙරන්ජි අක්කයි අමායා අක්කයි ඇඬේන්න කවි දෙකක් කිව්වා ය.සිහිනයා අංගම්මන කියන්නට ගොස් අනාගත්තාද මන්දා ය,මංජුල අයියත් මාළු බාන්නට ගොස් ඕනයාගෙන් අහගත්තේය.
තව කවුදෝ බාග ගෑනු කෙනෙක් වගේ ඇදගෙන විකට ඇදුම් තරගේ ෆන් එකක් දුන්නේ ය,

කඩී පුක මෙවුව උන එකෙකුත්(ඔවු උෂාන් තමා) ආතල් කෝටියක් දුන්නේ ය,අසහාය ගායක අමිල නිදහසටත් තව ටිකෙන් මොකද්ද කරනවා ය,චන්දන අයියා නොහොත් වැද්දා කඩිපුක අතගා එය පෙන්වා දීමෙන් වැඩේ නතර විය,හම්මේ,හිනා කාලා මැරෙනවා ය,

අවුරුදු කුමාරයා තරගේ දී රුවනා තව පොඩ්ඩෙන් දෙනෝ දාහක් මැද්දේ ශම්මියගෙන් ගුටි කන්නේ ය.පස්සේ මු පැත්තකට අඩ ගහලා දෙකක් ශම්මියා නෙලුවාද මන්දා ය. සිහිනයා වම කකුලෙන් දකුණු කන කසා වැඩ පෙන්විය,පවනියා කොළඹ සිට ඕක්ලන්ඩ් වලට දුර ටක්කෙටම කිවා ය."ෆෝන් කෝල් එකක් ගත්තම දුර හුවයි" ලොලේ ලොල් ය,මගේ ලේන්සුව අරන් මු අර අටමාගේ ජොක්කු හිල් උන මැජික් එක පෙන්විය,ලේන්සුවේ සුට්ටන් හිලක් තිබුනා වගේ ය,
එතනින් පස්සේ අපි මාරු උනෙමු ය,වැස්සක් එන්න වගේ අහස කළු කර තිබුනේ ය,අපි අතුරුගිරියේ නිසාත්,ගොඩක් දුර යා යුතු නිසාත්,බයික් එකක ආපු නිසාත් 6.30ට විතර මාරු උනෙමු,
වැඩේනම් එලම කිරි ය,අඩුවක් දැනුනේ නැත,ඕෂනික් ගේම්ස් ආයතනයට තැන්කු වේවා ය,අද ඉදන් මමත් මහපොළ ලොතරැයි ගන්නට ඕනේ ය,
ලහිරු හිමේෂ්,කැලුම් විජේවර්ධන,යසන්ත හේන්යකා,උදිත් ඉෂාර ඇතුළු අම්බානෙක සෙට් එකක් දැන හඳුනා ගන්නට ලැබුනේ ය,සමහරුන්ට මාව හදුනාගත නොහැකි විය,ඇත්තටම මම ෆේස්බුක් එකේ පොඩියට හිටියට හෙන ලොකු ඩයල් එකක් ය,අනිත් කේස් එක කට්ටිය මගේ කීබෝඩ් එක ගැන ඇසීම ය,ලැබුන ප්‍රතිචාර වලට තැන්කු ය.එහෙනම් දෙසැම්බර් සෙට් වෙමු ය. :D
බුකියේ පුටෝ ඇල්බමයට මෙතනින් යා හැකිය. ඊයේ සෙට් උන අයනම් සුපිරිම හොද බුවාලා ය :)





CONVERSATION

40 ක් අදහස්:

  1. අපිත් ආව.. බට් උබල අපිව දන්නෙ නෑනෙ.. පට්ට ආතල් ගත්තා...

    ReplyDelete
    Replies
    1. පලවෙනි පාර නිසා ගොඩක් අයව මිස් උනා බන්.ලබන පාර සෙට් වෙමු අනිවා මචං :D

      Delete
  2. හම්මේ බන්, දැනුයි සවිස්තරව දැනගත්තේ :v

    ReplyDelete
    Replies
    1. අහා,බොලවූ උදේ හිටියේ නෑ නෙව, කොහොම උනත් මට බෝම්බ ගැහුවේ නෑනේ හූ හූ :p

      Delete
  3. අහා උබේ සයිස් එක ගැන කතාව සම්පූර්නෙම්ම අනිත් පැත්ත ගහල... බටු ඇටයා :)

    ReplyDelete
    Replies
    1. අයි බන් මම දෙකේ හතරේ(කියල හිතන් ඉන්න) එකෙක් නෙමේද ? =))

      Delete
  4. එලය පට්ටය , සිරාය :D

    ReplyDelete
    Replies
    1. ලබන පාරනම් උබව කොහේ හරි කුණු ඇලක ඔබ්බවන එක ඔබ්බවනවමයි [-(

      Delete
  5. අඩෝ කවුද ඩො ඔටුවා !!

    ReplyDelete
    Replies
    1. වෙන කවුද ඉතින් උබ මිසක :>)

      Delete
  6. මට හෙන සතුටුයි යකෝ මගේ සයිස් එකේම හයේ හතරේ ඩයල් එකක් වෙච්චි එක ගැන උඹ!

    ReplyDelete
    Replies
    1. උබ,මම,රජා,ඔක්කොම හෙන දැවැන්න ඩයල් නෙව ;)

      Delete
  7. ඒක වීට් ඇඩ් එකක් තමයි යකෝ...පේන්නැද්ද ශේව් කරලා ඉන්න ලස්සන :3

    ReplyDelete
    Replies
    1. ගයේෂ අක්ක පරාදයි යකෝ උබලට ;)

      Delete
  8. apiwa dala giya eka gana tharaye hela dakimu. :/

    ReplyDelete
    Replies
    1. මම නෙමේ බොලවු මේක හොස්ට් කලේ,දැක්කේ නැද්ද පහුගිය ටිකේ අපි ඉවෙන්ට් එකේ පිස්සු නැටුවා???

      Delete
  9. ලබන පාර මාත් එනව -_-

    ReplyDelete
    Replies
    1. :D ලබන පාර වරෙන් :D

      Delete
  10. Habai apita kiuwe íh mehema ekak thiyeíwa kiyalaa

    ReplyDelete
    Replies
    1. තේරැනේ නෑ අලේ :/

      Delete
  11. Replies
    1. ලබන පාර හොය හොය කතා කරන්න ඔනේ,මේ මගේ පලවෙනි ගෙට් එකනෙ බං :/

      Delete
  12. විස්තරය නියමෙට ඇත. ඊගාව පාරවත් සෙට් වෙමුය.

    ReplyDelete
    Replies
    1. වෙනී අයිය කිවුව තමා දෙමල ன නා එන්නේ නෑ කියල.අපරාදෙ හැබැයි,ලබන පාර සෙට් වෙමු අයියේ :D

      Delete
  13. ඇයි බන් රැ bike එකේ යද්දී හුලන් ගියපු එක

    ReplyDelete
    Replies
    1. මතක් කරන්නෙපා යකූ,ගෙදර ඇවිත් ෆොටෝෂොප් ඔපන් කලාම එකත් ක්රෑෂ් වෙනව.ෆෝන් එකේ ටච් එකත් වැඩ නෑ,විකාරයි වගේ

      Delete
  14. සිරාවටම උබ ෆොටෝ වල ඉන්නවට වඩා සෑහෙන වෙනස් :D
    උබට සිරාවටම XL එකක්ද දුන්නෙ? මම වෙන්න බෑ එහෙනම් :D

    ReplyDelete
    Replies
    1. ෆොටෝ වලට ලස්සන උන් සිරාවට කැතයි බන්,ෆොටෝ වල කැත උන් සිරාවට ලස්සනයි,
      උබ දුන්නේ XS ද මංද :p

      Delete
  15. විස්තරයට තුති....

    ReplyDelete
    Replies
    1. තැංකූ අයියේ,කෝ අයිය එදා ආවේ නෑ නේ?

      Delete
  16. අඩෝ එහෙනම් අපි සයිබර් සිහින උළෙලේලේදීත් හම්බු උනා!! එල එල....

    ReplyDelete
    Replies
    1. අඩේ,අඹයා කියන්නේ කවුද මම දන්නෑ,හම්බ උනානම් මචං අනිවා කතා කරන්න ඇති, :/

      Delete
  17. Replies
    1. උබ මෙලෝ රහකට නැති හාවෙක් නිසා බේරැනා,නැත්තම් චන්දන අයිය තියනව උබට :D

      Delete
  18. අනේ මල්ලි ඔයා ද මගේ එහා පැත්තේ හිටියේ ?
    හයියෝ දැනුයි දන්නේ දෙවියනේ !!! [-(

    ReplyDelete
    Replies
    1. ඔවු ඔවු,මදක් හරියට එනකම් හිටියේ මම :D
      කොහොම උනත් DJ අයියා අක්කවම දිනෙවුවනේ :-)

      Delete
  19. ඔය ලියල තියන්නෙ ලුනු ඇඹුල් ඇතුව.. එල එල.. මට තොන්ඩුව දාපු ගොන් රැලේ උඹත් හිටියද ඈ. අහුවෙයංකො.. මම තොපිට කිවුව හිමින් ඇදපිියවු කියල. තොපි වානර රැල ගස්සල ඇද්ද පාරට තව ඩිංගෙන් මගෙ හුම්ම හිර වෙනව :D

    ReplyDelete
    Replies
    1. :D මම තමයි යකොව් හිමින් ඇදපන් කිව්වේ,අර සුලා ඇද්ද විදියට උබ සිරාවටම මැරිලා මෙලාට,අඩේ ඒ ෆොටෝ එක මට fb ටැග් කරහන් දැක්කොත් ඈ :)

      Delete
  20. ස්තුතියි නැවත හමු වෙමු.

    ReplyDelete
  21. හයියෝ බොක්ක, ඔන්න අද තමයි මචං හොයාගත්තෙ ඈ...

    පට්ට. යකෝ අර මුට්ටි එල්ලං එන එක දැම්මෙ ඇයි??? =p~

    ReplyDelete