හැඩ් එ ඕසම් පං :3 (නිලුශාන් අපිට බර්ත්ඩේ ට්‍රිට්මන්ට් දුන්න හැටි)

නිලුශානයගේ උපන් දිනේ තිබ්බේ මිට සති දෙක තුනකට කලින් ය.ඌ ඒකට අපි සෙට් එකකට පාටියක් දුන්නේ අදය,ඉන්වයිට් කර තිබුනේ ෆේස්බුක් එකේ බොක්කේ සෙට් ටිකකට පමණය,ශ්යාමින් අයේෂ්,ඔරිජිනල් මිස්ටර් චකබ්ලාස්ට්,රියාස් වෙස්ට්,මම,රුවන් රංගනාත් සහ සමාධි දේවගේ (කලින් තිබ්බේ ශම්මි කියලනේ :o ).ඔය සඳහන් කල සෙට් එකට ඉන්වයිට් කර තිබුණේ ය.ඉතින් දවස් ගානක ආතල් ගෘප් චැට් එකක සකස් කල පිඹුරුපත් අනුව අද සෙට් වෙන්නට නියම විය.
      වෙනදාට උදෑසන 11.30 ට අවදි වන මම අද නැගිට්ටේ 6ට විතරය.8.30 වෙද්දී නිලුශානයා සමග සෙට් වී කොටුව බලා 170 ක නැගුනේ අනිත් උන් එතනට සෙට් වෙමු කියූ නිසා ය.අපි කොටුවට හරියටම 10 වෙද්දී සැපත් වීමු.කලින් සැලසුම් කර තිබුනෙත් 10 ට සෙට් වෙන්නට ය.අපි ගුවන් පාලමට නගින විට ශ්යාමින් හා උගේ මල්ලි චකබ්ලාස්ට් සිටියෝ ය,උන්ගේ කල්පනාව කොතරම්ද කිව්වොත් අපි ලගින් යනකම් දැක්කේ නැත,සමහර විට උදේ පාන්දරම ඔෆිස් යන ඇන්ටි කෙනෙක් දිහා බලමින් ජිවිතයේ අනියත බාවය මෙනෙහි කරමින් උන්නා විය හැක,නිලුශානයා ශ්යාමින්ට කෝල් එකක් ගත්තේ ය,අපි පාලමේ ස්ටේසම පැත්තේ කොනේ ය.අනිත් කොනේ අයිය මලෝ ය.මුන් ඉන්නේ කොහෙද කියාගෙන අසමින් අපේ පැත්තට ආවත් රෙකොග්නිෂන් නම් බින්දුව ය.අන්තිමේ අපිම ගොස් කතා කල නිසා උන් එක්ක සෙට් වීමට හැකි විය,දැන් ඉස්ටෙසමට එන්නම් කිව්ව රියාස් පෙන්න නැත,උට කෝල් එකක් ගත්තෙමු,ඌ අපේ පැත්තට එන බව කි නිසා පාලම උඩ සිට බලා සිටියෙමු.මේකා අපේ පැත්තට ඇවිත් ආපහු යන්නේ ය,මුට හතර මාන්දම වගේ එහෙ මෙහෙ කැරකෙන්නේ ය,විනාඩි පහක් වටේ ගසා මු පාලම උඩට ආවේ ය.බැලින්නම් ඌ ඉන්ග්රස් ගේම් එක ගහන්නේ ය,මගදී එන ගමන් portal එකක් තිබ්බ නිසා ගහල එන්න ගිහින් ය.පිස්සු නැත්තම් සෝක් ය.විනාඩි දහයක් විතර ඕපාදුප මරමින් සිට කැම්පස් එක ලගට යන්නට
බස් එකක එල්ලුනෙමු,එල්ලුනා කිව්වට වාඩි වී ආවෙමු,
     ඉන්පසු නිදහස් චතුරශ්රය කරා ඇදුනෙමු.අපි යද්දී කපල් දෙක තුනක් සිටිය හ,උන්ගේ පාඩුවේ ඉන්නට ඉඩ හැර අපි අර වතුර ටැංකි ( පොකුණු වගේ ) හතරෙන් එකක් ලග වාඩි වී අපි ෆේස්බුක් එකේ නටපු පරණ පිස්සු ගැන කතා වුනෙමු,මෙතන විශේෂත්වය උනේ පරණ පෝස්ට් උඩට ඇදීමේ ව්යාපෘතිය ආරම්බ කල උන් තුනක්ම සිටීමයි,ඉතින් කියවන්නද දේවල් නැත්තේ :3

මේ අතර වාරයේ රුවනාට පට්ට බයිටක් මම සෙට් කලෙමි,උට මම මෙසේජ් එකක් දැම්මේමි,ඒකා මගේ නම්බරේ දන්නේ නැත.මම මෙසේජ් කලේ හද්ද ගොඩේ එකෙක් වගෙය :3
මම : "අයියේ,මම FOSS එක ඩවුන්ලෝඩ් කරගන්න හැදුවා,සයිට් එකේ ලින්ක් එකක් කොපි කරන්  අර IDM එකට පේස්ට් කළා,වෙබ් පේජ් එකක් නේ ඩවුන්ලෝඩ් වෙන්නේ.කොහොමද ඩවුන්ලෝඩ් කරගන්නේ ? "
රුවන් " FOSS එක? " 
මම : " ඔවු අයියේ,මට එකෙක් කිව්වා ඒක ගිගාබයිට් තුනක් වගේ වෙයි කියල,ගන්න බෑනේ " 
මෙන්න මු දිගට හරහට කෝල් ගහන්නේ ය. :3 මම ආන්සර් කලේ නම් නැත,මූ මට FOSS ගැන හොද දේශනයක් දෙන්නට සැරසෙන බව මගේ ටිකිරි මොලේට වැටහෙන නිසා ආන්සර් නම් කලේ නැත.
   ටික වෙලාවකින් රුවනා හා ශම්මි එන බව කෝල් කර කිව්වෝය.අපි මුන් එන්න කලින් හැංගෙන්න කියලා චතුරස්රේ පැත්තට යන්න ගියත් කරුමෙට උන් ආවේ ඒ පැත්තෙන් මය.රුවනයාගේ ෆයර්පොස් ෆෝන් එකත් බලා උගේ නෙක්සස් එකෙන් සෙල්ෆි ටිකක් ගැසුවෙමු ( දැන් ට්රෙන්ඩ් එක නේ, :3 බැක් කැමරාවෙන් ෆොටෝ ගහන්නේ නැත,ෆ්රන්ට් එකෙන් සෙල්ෆි ගහන්නේ ය )


 ඒ අතරේ මං ශේප් එකේ FOSS කතාව කිව්වෙමි.
"තෝ ද ඒ මුකලන් බැස්සා,මම හිතුවේ අපේ ජූනියර් බැච් එකේ එකෙක් වෙන්න ඇති කියල,දැන් තෝ මේක කිව්වේ නැත්තම් මම ගිහින් උන්ගෙන් ඕක අහලා පජාත වෙනවා" කිව්වේ අපරාදේ කිව්වේ කියා සිතුනි. :3 අර රුවනාගේ ෆොටෝ බෝම්බය ගැන කියා ශම්මිගෙන් ඌ ගුටිත් කෑවද මන්දා ය.


පවු අහිංසක රුවනා. ඒ අතරේ සුදු මහත්තයා ගැනත් මතක් කළෙමු,උට එන්න පින නැත,ඌ නිසාම අපි ඉරිදා තියන්න ඉදපු එක අදට දැම්මේ ය.මේ ගස් මුසලයා අද එන්න බෑ කියල ඊයේ කිව්වනේ -_- . "සුදු මහත්තයා හිටියනම් මෙතනම් මුන් ටික ඔක්කොම මරලා දාන්න තිබ්බ" කියලා ශම්මි කීවාය,එක්කෝ සුද්දා ආපු නැති එකත් හොදය.ඌ ආවනම් අපි මැරෙන්නේ ය. "මුන් ටික තමා බුකියේ ඉන්න මට පෙන්නම බැරි කුප්පම කමෙන්ට් කාරයෝ ටික >_< " ඔන්න ඉතින් අපි ගැන හිතන් ඉන්න හැටි නේ.
     ඒ අස්සේ බඩගින්න උග්ර වෙන නිසාත් නිලුශානයව හින්දන්න ඕනේ නිසාත් ( :3) අපි ටික DineMore එකකට ගොස් සබ්මැරින් කන්න කතා උනෙමු.රුවනා මට පුලුවන්නම් සබ්මැරින් එකක් කාපන් කියා කුප්ප චැලේන්ජ් එකක් කලේ ය.ඌ මම කන හැටි දැකලා නැත :3 කන සැටි මම පෙන්නමි  ;)
     දැන් ඉතින් ලගම DineMore එක තියෙන්නේ රෝයල් එක ලග නිසා නිදහස් කොටුවෙන් රෝයල් එක කරා ගමන් ඇරඹුවෙමු.ඒ අතරේ ආකේඩ් එකටද හොස්ස දැමුවෙමු,ජැකලින් ගේ ආප්ප කඩේ හෙවත් කාම සුත්ර එකත් ආකේඩ්  පිස්සන් කොටුවත් බලා කියා ගෙන ආකේඩ් එකෙන් වතුරත් බි නැවත රෝයල් එක කරා ගමන් ඇරඹුවේමු.



ශම්මි රෝයල් එකට කියා ඊට විරුද්ද දිහාවට තව ටිකෙන් අපිව දක්කනවා ය.හොද වෙලාවට රියාසයා ඉන්ග්රස් ගහන නිසා පටස් ගා ගුගල් මැප් ඕපන් කර ටර්න් බයි ටර්න් නැවිගේෂන් ඔන් කර ෂොට් කටුවකින් දමා රෝයල් එක ලගට සැපත් උනෙමු,ඒ එන අතර තුරේ රුවනාටද ඉන්ග්රස් උන බෝ විය,ඌ ද,රියාස් ද චකා ද මේ එනවා මේ නෑ ය,බලද්දී මුන් මොකෙක්ට හරි නෙලන්න ආපහු ගිහින් ය.ටික වෙලාවකින් රුවන් ට මේක එපාම වූ නිසා දෙවියන්ට ස්තුති වෙන්න ඉක්මනට රෝයල් එක ගාවට එන්න පුළුවන් විය,
    DineMore එකට ඇතුල් වූ පසු මෙනුව වේටර් ගෙනාවේ ය.රුවනා order කලේ ය,චිකන් ස්පයිස් සබ්මැරින් හයකුයි,කෙට්ටු වීමට ඩයට් කරන ශම්මිට බර්ගර් එකකුත්,bevarages වලට පෙප්සිත් ඕඩර් කළේය,කන්න කලින් පෙරේතයන්ව සතුටු කල යුතුය,අන්න ඒ නිසා අපිට සුදු මහත්තයව මතක් විය :3 මම කෝල් එකක් ගත්තෙමි
මම: "හෙලෝ,මේ සුදු මහත්තය නේ? අපි මේ කතා කරන්නේ ඊස්පැල් හොස්ටින් එකේ පැකේජස් ගැන දන ගන්න,පොඩ්ඩක් විස්තර කියන්න පුලුවන්ද? " 
සුදු : "අ,අපේ සයිට් එකේ දාල තියෙනවා.මේ මේ ගණන් වලට තියෙනවා " 
මම : "ශා මරුනේ.එත් අපි මේ කන ගමන්,දැන්ම බලන්න බෑ වගේ.පස්සේ බලන්නම් හොදේ " 
සුදු : " මම දන්නවා දන්න මොකෙක් හරි තමා කියල,කවුද? " 
මම ෆෝන් එක ශ්යාමින්ට දුන්නෙමි.
ශ්යාමින් : "ආ සුදු.අපි මේ කන්න හදන්නේ,ඔයා ආවේ නෑනේ,"
එහා පැත්තෙන් මොනවා හරි කියන්න ඇතිය.ශ්යාමින් රුවන් ට ෆෝන් එක පාස් කළේය.
රුවන් : " අපි මචන් දැන් මෙතන ස්පයිසි සබ්මැරින් හයකුයි,බර්ගර් එකකුයි,බොන්න පෙප්සි යි,තව බිරියානි හතකුයි,පිසා හතකුයි, ඕඩර් කළා,උබ ආවේ නෑනේ."
එහා පැත්තෙන් මොනවා හරි කියන්න ඇතිය,රුවන් ශම්මිට ෆෝන් එක පාස් කලේ ය,අක්ක මලෝ මොනවාද කියෝගත්තා හ.ඉන් පසු අපි ආහාර අනුබවය පටන් ගත්තෙමු,"සුද්ද පොල්සම්බෝලයි බතුයිලු කාල තියෙන්නේ.පවු" ශම්මි කීවාය.
මේ සුද්දා මට එවුව මෙසේජ් එක ය.

ටික වෙලාවක් ගත විය.
"මේ සබ්මැරින් පොල්සම්බෝල රහයි නේ"
"මේකෙන් පොල්සම්බෝල රහක් එනවා නේ බන්?"
"අර ගල් මුසලය තමා පොල්සම්බෝල මතක් කරලා සබ්මැරින් එක විනාස කලේ >_< "
කට්ටිය සුද්දට බනින්නේ ය,පවු උට හචිං යන්නට ඇති ය.
රියාස් ට ෆේස්බුක් එකේ පොෂ් විදියට කෑම  කන ෆොටෝ ටිකක් දාල " හැඩ් එ ඔසම් පන් ^_^ " කියලා පොෂ් එකෙක් වගේ දාන්න ඕනේ කි නිසා ෆොටෝ ටිකක් අල්ලුවෙමු,

පට්ටම කුප්ප ෆොටෝ එක මේක ය. :3 







කට්ටිය බර්ගර් කාල ඉවර කලෙමුය,රුවනා විකාර කරන්නේ ය.ඌ ශම්මිගේ අල චිප්ස් උස්සන්නේ ය.ශ්යාමින් චිප්ස් කන්නේ රුවන්ගේ සෝස් වල ගාගෙන ය.අපි කාල ඉවර වෙද්දී ශ්යාමිනයට අර සබ්මැරින් එක කාගන්නට බැරි ය.රුවනාගේ චැලේන්ජ් එක නිසා උගේ සබ්මැරින් එකෙන් කොටසක් මම කෑවෙමි.ඉතිරිය නිලුශානයා කෑවේ ය,නැවත ශ්යාමින්ගේ ප්ලේට් එකේ බාගයක් ඉතුරු ය.ඒ බාගෙත් මමම කෑවෙමි,චැලේන්ජ් එකෙන් මම ගොඩ ය :D 
නිලුශානයා උගේ කාඩ් එකෙන් ගෙවීම් කලේ ය,මූ ටික වෙලාවකින් අපිට "මචන්.කාඩ් එක එක්ස්පයර්ඩ් ලු බන්. :o " කිවේ ය,අපිටද දෙලෝ රත් විය,මුගේ කෙබ්බ.ටික වෙලාවකින් වේටර් කාඩ් එකයි අත්සන් කරන එකයි ගෙනාවේ ය,ඒ අස්සේ චකබ්ලාස්ට් " ඇයි මෙතන පිරිමි වේටර් ලා සායවල් අඳින්නේ?" ඇසිය.
කාපුවා හොදටම වැඩි නිසාත් ගුටි කන්නට ඕනේ නැති නිසාත්,අපි සුටුස් ගා මාරු උනෙමු,ආපහු බස් එකක නැග නිදහස් කොටුවට ආවෙමු.එන අතර මගදී නිලුශානයා කොකාකෝලා ලීටර් 2 ක බෝතලයක් ගත්තේ ය,ඌ අද කරපු ලොකුම ගොන් කම ඒක ය.
        සෙට් එකම නිදහස් චතුරශ්රයේ පොකුණු තියෙන හරියට සේන්දු විය.ඒ හරියේ කපල් එකක් විය,එතන පාස් කරද්දී ශ්යාමින් රුවන්ට හා ශම්මිට "නංගි ඕකා හෙන වලා,ඕකට ළමයිනුත් ඉන්නවා" කිවේ ය,මෙන්න ටික වෙලාවකින් එතන ඉදපු කොල්ලා වාෂ්ප ය,උට සිරාවටම ළමයි ඉන්නවද කොහෙද ය. :o
    අපි කොකාකෝලා එක බිබී පොකුණු හරියට ආවෙමු,මම කොකාකෝලා බි මුඩිය වසා බෝතලය තදින් සෙලවුවෙමි :3 . රුවනා බෝතලය ගෙන ( මුඩිය වසා තිබියදී ) නිලුශාන් ,මම රියාස් එක්ක පොකුණු බැම්මක වාඩි විය.නිලුශාන්ගෙන් මොකක්දෝ එකක් අසන ගමන් අර මුඩිය ඇරලා දුන්නේ නැතැයි නිලුශාන් ට කොකාකෝලා පාරක්,උගේ මුනේ ඉදන් ම කොකාකෝලා ය,හම්මේ,උට තත්පර 10ක් විතර ඇස් දෙක අරින්නත් බැරි විය.පොකුණෙන් මුණ සෝදා ,සුදු ෂර්ට් එකත් හෝදාගත් නිලුශාන් අපිත් එක්ක එතනම එහා තිබුන බංකුවක වාඩි විය,අපරාදේ ය,මොකෙක්වත් අර කොකාකෝලා ප්රහාරය ෆොටෝ එකකට අරන් නැත,බංකුවේ වාඩි උනේ රියාස්,මම,චකා,නිලුශාන්,රුවන් ය.මෙවර ශ්යාමින් අත බෝතලය ය,ශම්මි ටිකක් එහාට වී ෆෝන් එක තියන් සිටියා ය,මෙන්න නිලුශාන් නැවත දුසනය විය,ශ්යාමින් විසින් නැවත කොකාකෝලා ප්රහාරයක් දුන්නේ ය,මේ පාරනම් කනෙත් එක්ක ය. ලොවෙත් පට්ට ය,මේ පාර ශම්මි ෆොටෝව ගසලා ය.

ඊට පස්සේ එක විකාරයක් ම විය,ශ්යාමින් කොකාකෝලා බෝතලේට බයේ දුවන්නේ ය,උට නිකමටවත් ගැසුවේ වත් නැත(ඌ නිලුශාන්ට ගැසුවේ ය.) ,එත් ඌ දුවන්නේ ය,මමයි රුවනුයි ඌව එළවීම නිසා පන කඩාගෙන දිව්වේ ය,අන්තිමට එතන චතුරස්රේ තණකොල නඩත්තුවට කරන්න යොදවපු හමුදාවේ කෙනෙක්ගෙන් ශ්යාමින් හොදට අහගත්තාට පසු වැඩේ නැවතුණි,පස්සේ අපි ඔක්කොම තණකොළ ගොඩේ නිදා ගත්තෙමු,ශම්මි ෆොටෝ ගහන්න විය,එකත් ආතල් වැඩේ ය,අපි පෝලිමට නිදි ය,

එතන නිදහස් චතුරස්රේ බලන්න ආපු පොඩි ඉස්කෝල ළමයි වගයක් ද සිටියෝ ය,උන් ගම් වල ගිහින් " කොළඹ හරි නපුරුයි අම්මේ" කියලා අනිවාර්යයෙන්ම කියන්නේ ය,බිම නිදාගෙන ඉන්න අස්සේ මොකෙද්දේ එකෙක් මගේ බඩට කොකාකෝලා බෝතලෙන් ගැසිය,ගහපු ඒකා දැක්කේ නැත,නැත්තම් ඉතින් ^#^$#&$^*&%^* ය.ශම්මි මට කොටා කිව්වාය,මම ඉතින් මගේ ඉවසීම පෙන්වමින් ලෝකය වෙනස් කල මා වැනි කොට එහෙත් වැඩ උස නාඩියා,රජා,මුදියා,ප්රදීප් අයියා,අසංක හෙන්දහෙවා වගේ අති උත්තම කොට පුද්ගලයන්ගේ නම් කියා සත්ය පහදා දුනි.වැඩේ කියන්නේ ශම්මිත් කොට වීමය.ඒ නිසා ශම්මි මට අතට අත දුන්නා ය,කට කැඩිච්ච චකා "ඒ උනාට උබයි නාඩියායි හැර අනිත් උන් ඔක්කොම මහතයි" කිවේ ය,ශාම්මිගෙන් චකා දෙකක් කෑවද මන්දා ය.
 මේ අතරේ චකාට චතුරස්රේ බලන්න ඕනෙලු ය,පොඩි ඒකා ගෙදරින් ඇවිත් තියෙන්නේ අයියා නිදහස් චතුරස්රේ බලන්න ට්රිප් එකක් එක්කන් යනවා කියාය,රුවනා ඌව ඇදගෙන චතුරස්සරේ පෙන්නා එන්න හැදුවත් "අම්ම කිව්වා රුවන් එක්ක යන්න එපා කාත් එක්ක ගියත් " කියලා පොඩි ඒකා රුවන් ගෙන් බේරීමට ලක් විය,රියාස් ගේ වෝටර් ප්රුෆ් ෆෝන් එක කොයි හෝ වෙලාවක දෙතුන් පාරක් පොකුණු වතුර නාගත්තේ ය,කොයි වේලාවේද මතක නැත,උදේ එකයි හවස එකයි කියානම් මතකය.
ඊට පස්සේ අපි එන්න පිටත් උනෙමු,චතුරස්සරෙන් එන සැලැස්ම මේකය,අපි ඔක්කොම නුගේගොඩ යන්නේ ය,හේතුව අහන්න එපා ය,ඔක්කොම නුගේගොඩ යන්නේ ය,ඉතින් 138ක නැගලා ඔක්කොම නුගේගොඩ ආවෙමු,ඔක්කොම නෝලිමිට් එකට රින්ගුවෙමු,ඊට පස්සේ ශම්මි රුවන් විසින් නිලුශානයාට සුළු තෑග්ගකුත් ඉතුරු අපි හතර දෙනා තව සුළු තෑග්ගකුත්  අරන් දුන්නෙමු,ඊට පස්සේ නුගේගොඩ නෝලිමිට් ඉදිරිපිටදී ත්යාග ප්රදානය කරන ෆොටෝ ගැසුවාට පසු සහ නො ලිමිට් එක ඉස්සරහම සෙල්ෆි දහයක් ගැසුවාට පසු ගෙදර එන්නට ආවෙමු,

නිලුශාන් ට තැන්කු වේවා මේ වගේ උපන් දින පාටියක් දුන්නට,උබට වැඩි වැඩියෙන් උපන් දිනම ලැබේවා!!! :D මේක බ්ලොග් එකේ දාන්නේ විව්ස් බලාගේනනම් නෙමේ.මේක ෆේස්බුක් දාල ටික කාලෙකින් යට යන නිසයි,මේක තවත් සුවිට් මෙමරියක් උන නිසයි,ඕන උන වෙලාවක ආපහු හොයාගන්න පුළුවන් නිසයි මේ තවත් මිනි බ්ලොගර් ගෙට් එකක් වගේ එකක් නිසයි :3

ප.ලි : ශාම්මිගේ දැඩි මරණ තර්ජන නිසා ෆොටෝ වලින් ශාම්මිගේ මුණ බ්ලර් කරන ලදී,..ශම්මි සහ රුවන් කවද හරි කසාද බැන්ද දවසක උන්ගේ අහල පහල එවුන් මුන්ට නිකම්ම ගෙවල් ලියා දී යනු ඇතැයි අපේ අදහස විය,මුන් එක්ක ඉන්න උන්ට තෑගී දෙන්න ඕනේ කෙලින පිස්සු වලට :p

CONVERSATION

7 ක් අදහස්:

  1. ගණන් ගන්න එපා බං ඔය එක එක උන් කියන කතා! රිවට් වෙන්න වැඩ පෙන්නපන්!
    හැබැයි තොපි කාපු ඒවාට බඩම පල!!

    ReplyDelete
    Replies
    1. අනිවා බන්,
      උබ කෙල ගිල්ලට උබටත් බඩම පල :>)

      Delete
  2. අර කට්ටිය බුදියගෙන මුකෝ කලේ :d :d
    මටත් ආස හිතුනා ඒම ඉම්න :3 x-)

    ReplyDelete
    Replies
    1. පොඩි පන් එකක් ගට්ටා මාමි
      මාමිට් ඉදලා බලම්න, :)

      Delete
  3. ශම්මි සහ රුවන් කවද හරි කසාද බැන්ද දවසක උන්ගේ අහල පහල එවුන් මුන්ට නිකම්ම ගෙවල් ලියා දී යනු ඇත :p

    ReplyDelete