එක්ස්පීරියා 2010 ෆෝන් එකක් රූට් කිරීම,රිකවරි එකක් දැමීම,බූට්ලෝඩර් අන්ලොක් කිරීම,කර්නල් එකක් ෆ්ලෑශ් කිරීම,රොම් එකක් ගැසීම


හායි මචංලා,කොහොමද කස්ටියට??මටනම් වරදක් නෑ.හ්ම්.මම අද කියන්න යන්නෙ ඇන්ඩ්රොයිඩ් පෝං වලට කස්ටම් රොම් ගහන්නෙ කොහොමද කියලා.මේක සෑහෙන්න බරපතල වැඩක් වගෙම සරල වැඩක් :P

මුලින්ම මම මේවා කියන්න ඕනෙ.USE AT YOUR OWN RISK.මම කිසිම අලාභයකට වගකීම භාරගන්නෙ නෑ,මම මෙතන කියල තියෙන දේවල් ගොඩක් එක්ස්පීරියා වලට හරියන්න ලිව්වෙ.මොකද මම එක්ස්පීරියා යූසර් කෙනෙක් නිසා.මම මෙ ලියන්නෙ මගෙ අත්දැකීමෙන්.වෙන ඩිවයිස් එකකට රොම් එකක් දාන්න කලින් XDA වල උපදෙස් ස්ටඩි කරලා ඉන්න.ස්ටඩි කරල හොද දැනුමක් අරන් වැඩේට බහින්න.එක මාදිලියක රොම් එකක් තව එකකට හරියන්නෙ නෑ පෝට් කරන්නෙ නැතුව.ඒ නිසා තමන්ට අදාල රොම් එක ගන්නකොට ඒගැන සැලකිලිමත් වෙන්න.රොම් එක ගැන තියෙන වෙබ් අඩවියෙ සන්දහන් සියලුම කරුණු කීප වරක්ම කියවන්න.උපදෙස් නිසි පරිඩි පිලිපදින්න.....


රොම් එකක් කියන්නෙ මොකක්ද???රොම් කියන්නෙ රීඩ් ඔන්ලි මෙමරි.අපෙ ෆෝන් වල ෆර්ම්වෙයාර් එක සේව් වෙන්නෙ රොම් එකට,එතකොට මේ කස්ටම් රොම් කියන්නෙ මොකක්ද???කස්ටම් රොම් කියන්නෙ සරලවම කිව්වොත් කස්ටම් ෆර්ම්වෙයාර් එකක්,ඒ කිව්වෙ අපිට කම්පැනියෙන් දාල දෙන ස්ටොක් ෆර්ම්වෙයාර් එකේ නැති විශෙෂාංග ගොඩක් දාල ඩිවෙලොපර්ලා හදන ඕ.එස් එකක්,
*අපිට මොනවටද කස්ටම් රොම්??
ස්ටොක් රොම් එක 2.1 එන,එතනින් එහාට අප්ඩේට් එන්නෙ නැති x10 mini, x8 වගේ පෝං වලට මෙව්ව නැත්තන් වහ තම කන්න වෙන්නෙ..ප්ඩෙට් එනක්ම් ඉවසුමක් නැති කස්ටියටත් හොදයි මේක.
*මොනවද කස්ටම් රොම් වලින් අපිට ලැබෙන විශේශ දෙවල්????
ස්ටොක් රොම් එකේ එන්නෙ නැති tweaks,effects,animation,වගෙ ගොඩක් දෙවල් ගන්න පුලුවන්
*දැනට තියෙන හොදම රොම් මොනවද???
android 2.2-cyanogenmod 6
android 2.3-cyanogenmod 7{minicm7,Gingerdx,gingercruzt,gingerzaraki}
android 4.0.4-cyanogenmod 9 {minicm9 }
මේ සමහරක් රොම් විතරයි.තව ගොඩාක් තියෙනවා.

මුලින්ම අපි කරගන්න අවශ් වෙන දේවල් මොනවද කියල බලමු.
1) රූට් කරගන්න ඕනෙ
2) රිකවරි එකක් දාගන්න ඕනෙ
3)හොද රොම් එකක් හොයාගන්න ඕනෙ
4)රොම් එකට කස්ටම් කර්නල් එකක් ඉල්ලනවනම් බූට්ලෝඩර් අන්ලොක් කරන්න ඕනෙ
5)කර්නල් එක ෆ්ලෑශ් කරන්න ඕනෙ
6)රොම් එක සහ ඊට අදාල ගූගල් ඇප්ප්ස් පැකේජ් එක දාගන්න ඕනෙ

අපි මේ එකින් එක පිළිවෙලට බලමු


1)රූට් කිරීම
                මම කලින් පෝස්ට් එකක් දැම්ම මේක ගැන.හරිගියේ නැත්තම් ෆ්ලෑශ් ටූල් එක බගන්න.මෙන්න ලින්කුව(ෆ්ලෑශ් ටූල් එක්ස්පීරියා අයට පමණයි) ෆ්ලෑශ් ටූල් ක්‍රමය පට්ට ලේසියි.කරන්න තියෙන්නෙ රූට් කියන බටන් එක ඔබල පෝං එක කොම්පීතරයට කනෙක්ට් කරන්න විතරයි.ඔටෝ රූට් වෙනවා 
.සැම්සුන්ග් අයට update.zip එකකින් රූට් කරගන්න පුලුවන්.මෙන්න මෙතනින් බලලා කරගන්න..
හරි.දැන් රූට් කර ගැනීම අවසන්(තමන්ගෙ මාදිලියට අදාල රූට් කිරීමෙ ක්රමය ගූගල් කර සොයාගන්න.සමහර එක්ස්පීරියා වල රූට් කරන්න බෑ බූට්ලෝඩර් අන්ලොක් නොකර. 2011 සීරිස් එකෙ වගෙ ඒවල,ඒවට කස්ටම් රොම් මොනවටද??:P...දැනටමත් අයිස් කිරිම් සැන්ඩ්විච් කනවනේ කස්ටිය.මේ ගයිඩ් එක x10 mini,x10 mini pro,x8,w8,galaxy y  වගේ අප්ඩේට් එන්නෙ නැති පෝං වලට, හරි.දැන් යමු දෙවෙනි පියවරට


2)රිකවරි එකක් දා ගැනීම
                අපි රොම් එකක්තෝරගන්නකොට ඒකට අදාල වෙන රිකවරි එකක් තියෙනවා,එක්ස්පීරියා වලටනම් xRecovery,CWM....සැම්සුන්ග් වලටනම් ගන්නකොටම රිකවරි එකක් එනවලු,මම සැම්සුන්ග් ස්ටෆ් ගැන වැඩිය දන්නෙ නෑ.කොහොම හරි කොකටත් තයිලය වහෙ CWM තොරගමු.xRecovery වල පොඩි පොඩි අවුල් තියෙනවා.උදාහරනයක් විදියට Rom එක incompatible නම් එන බූට්ලූප්(BootLoop)කියන එරර් එකෆික්ස් කරන්න පුලුවන් CWM වලට.xRecovery වලට ඒක බැහැ. නිසා CWM දාගමු...
මෙන්න ලින්ක් එක,එක්ස්පීරියා වලට ඔටෝ CWM ඉන්ස්ටෝල් කරන ඇප් එකක්.....  
එත් බැරිනම් පහල කොමෙන්ට් කරන්න.පුලුවන් විදියට CWM හොයගෙන දාගන්න හෙල්ප් එකක් දෙන්නම් :D
x10 mini ,x8,x10 mini pro,w8 වගෙ ඒවල system/bin කියන ෆෝල්ඩරේට පහල රූපෙ තියෙන ෆයිල් 3 ඊට පහල රූපෙ වගෙ පර්මිශන් දීලා  පේස්ට් කරන්න




විශේශයෙන්ම Chargemon කියන එකට අර පර්මිශන් දුන්නෙ නැත්තම් bootloop එන්න පුලුවන්


දැන් system/xbin ෆෝල්ඩරෙට මෙ රූපයෙ තියෙන ෆයිල් එක දාන්න

දැන් රිකවරි එකට යන්න පෝං එක ඕෆ් කරලා සෝනි එරික්සන් කියල වැටෙන පළවෙනි තැනදි Back Button එක ඔබ ඔබ ඉන්න.එතකොට මේ වගෙ එකකට යයි.



මම කිව්වෙ එක්ස්පීරියා වලට විතරයි,අනිත් අයත් හොයල බලන්න කොහොමද CWM දාගන්නෙ කියලා..
හරි,ඒ වැඩෙත් ඉවරයි,දැන් ඊළග පියවර


3)හොද රොම් එකක් ‍තෝරා ගැනීම
    මෙතනින් හොද රොම් එකක්,තමන්ට ගැලපෙන එකක් ඩවුන්ලෝඩ් කරගන්න 


     එතනත් හරියන එකක් නැත්තම් ගූගල් අර XDA එකෙන් රොම් එකක් සොයා ගන්න

දැන් තම අමාරුම වැඩේ.


4) රොම් එකට කස්ටම් කර්නල් එකක් ඉල්ලනවනම් බූට්ලෝඩර් අන්ලොක් කරන්න 
මේක තමා භයානකම වැඩේ.පොඩ්ඩ ගැස්සුනොත් බ්රික්(ගඩොල්)......හරියට කලොත් ගොඩ

බූට්ලෝඩර් එක x10 mini,mini pro,වගෙ ඒවල අන්ලොක් කරන්නෙ මෙහෙමයි.මම කලෙ මේ විදියට.මෙන්න මෙ ලින්කුවෙන් මෙක බාගන්නකෝ
මේකෙන් විඩියො එක බලන්න.අදාල ෆයිල් ටික යටින් දාල ඇති { http://www.youtube.com/watch?v=7wSIokoctUg }

හරිනෙ ඔන්න කර්නල් එක ෆ්ලැශ් කරන එකත් ඒකෙම තිබ්බනෙ.හරි.මෙතනට එනකම් කිසි අවුලක් නැතුව ආවනම් ගොඩ,ඉතිරිය සරලයි.
දැන් රොම් එකයි ගූගල් ඇප්ප්ස් (Gapps-signed.zip) එකයි SD card එකට දාන්න,ඉන්පසු පෝං එක ඕෆ් කර නැවත ඔන් කරන්න.රිකවරි එකට යන්න,මෙ කියන ඒවා පිලිවෙලට කරන්න.
1) Wipe data/Fctory reset
2) Apply update from SDCard ඔන්න රොම ඉන්ස්ටෝල් වෙනවා පෙන්නයි,රොමේ නම ගම විස්තරත් එක්ක ප්‍රෝග්‍රස් බාර් එකක් පෙන්නයි..මේක ඉවර වෙනකම් ඉන්න......ඉවර උනාම
3)install zip from sdcard ‍තෝරලා gapps-signed.zip එක ‍තෝරලා දෙන්න.වැඩේ අවසානයි.....
ඇති යන්තම් නේ???? මටත් පට්ට හති මේ ටික කොටලා.අපෙ Mobile Stuff ගෘප් එකේ හැමෝම රොම් ගහන්න දගලන නිස්සයි,මගෙන් ගොඩක් අය රොම් ගහන හැටි අහන නිසයි,සිතුම් සහොදරයගෙ ඉල්ලිම යන කරුනු තුන නිසා තමා මේක ලියන්න හිතුවේ




CONVERSATION

2 ක් අදහස්:

  1. Machan chargemon kohomada daganne phone ekata???? hlp me sony ericsson xpiria x10 mini pro ekak thiyenne.

    ReplyDelete
  2. mchn mata custom rom ekak down load karanna link ekak dennako...x10 mini pro

    ReplyDelete