Sony Ericsson විවාස් වල HD අවුලට විසඳුම්


අපේ විවාස් යූසර්ලට තියෙන ලොකුම අවුල තමා 720p HD රෙකෝඩ් උනාට Playback වෙන්නෙ නැති එක,මමත් නිකම් කොහෙදෝ තිබ්බ ආසාවකට විවාස් එකකට බැස්සනෙ,මට මේක ලොකු පුරස්නයක් උනා,මම ඉතින් අන්තර් දැල(Internet) එක පීරලා මේ ගැන හෙව්වා,සම්පූර්ණම නොවුනත් පොඩි විසඳුමක් ලැබුණා මට.මේක සමහර කස්ටිය දන්නවත් ඇති..නොදන්න අය මේක දැන ගන්න.දන්න අයත් දැන ගන්න.. :D
විවාස් එකේ වීඩියෝ රෙසලූෂන් එක 1280*720..ඒ කියන්නෙ 720p.ඒ රෙකෝඩ් කරන වීඩියෝ අවුලක් නැතුව ප්ලේ වෙනවා,මොකද internel decoders  සප් කරන නිසා.ඒත් කරුමේ කියන්නෙ කොම්පියුටරයකින් දාන වීඩියෝ ප්ලේ වෙන්නෙ නෑ,මම දැක්ක විදියටනම් Divx/Xvid Codecs ඩිෆෝල්ට් ප්ලේයරේ නෑ,අපි වෙනම ප්ලෙයර් එකක් බාගන්න වෙනවා,එත් certificate errors කෙහෙම්මල් නිසා ඒකත් කරදරයි,කරන්න හොදම වැඩේ Convert කරන එක.මම වීඩියෝ එකේ ඩිෆෝල්ට් Audio and Video bit rateඑකයි Fps එකයි තියාගෙන රෙසලූශන් එක 720*480ට කන්වර්ට් කලා.කියන්න තරම් වරදක් නෑ.බිට් රේට්ස් එකම නිසා කොම්පියුටරෙත් කැත නැතුව ප්ලේ වෙනවා,
එත් ෆෝන් එකට හරියන රෙසාව අපි දන්නෙ නෑනෙ.ඒක නිසා මෙන්න මේ ලින්කුවෙන් Sony Mediago කියන සොෆ්ට් එක බාගන්න{ http://mediago.sony.com/enu/download/ }.
මේකෙ නිකම් ඇපල්ල iTunes හරහා සින්ක් කරනවා වගෙ කරන්න තියෙන්නෙ,ඒකෙන් සින් කලාම වීඩියො එකෙ 640*352 වලින් එන්නෙ,ඒත් විනාඩි  4.05 ට 62.7Mb ඇවිත්.
නරකම නෑ නෙ?? :) ඔන්න විවාස් කස්ටියට තියෙන එක අවුලකට විසදුමක් සොයා ගත්තා,අනිත් එව්වලට සොයමින් සිටිමි.අපි ගියා..... :D

CONVERSATION

0 ක් අදහස්:

Post a Comment