නොකියා OVI එකෙන් සිම්බියන් ඇප්ස් නොකියා නොවන ඒවට උස්සමුද???


මෙන්න විවාස් වලට තවත් වැඩක්(සිම්බියන් S60v5තියෙන නොකියා නොවන සිම්බියන් ඔක්කොටම වැඩ කරයි සමහවිට.කරලා කොමෙන්ට් එකක් දාන්නකො බලන්න)මම විවාස් බැස්සනෙ අර සිගිති ආතල් ගන්න තියෙන උවමනාවට.කරුමෙ කියන්නෙ ඇන්ඩ්‍රොයිඩ් යූස් කරන එක පාරම සිම්බියන් බැස්සම ඇප් නැති එක තමා තියෙන ලොකුම අවුල.ඇයි නොකියා උන්ටනම් ovi Store  එකවත් තියෙනවා.අපිට තමා මුකුත්ම store එකක් නැත්තෙ,මට මේක ලොකූ ප්‍රශ්නයක් උන නිසා සුපුරුදු විදියටම මම නෙට් එකේ බඩගාලා විසඳුමක් හොයා ගත්තා,ඒකට අපි ඇප් සයින් කරන හැටි දැනන් ඉන්න වෙනවා.ඒ නිසා මුලින්ම ඒක ගැන් බලල ඉමුකො,,මෙන්න මේ ලින්කුවෙන් extsis.exe කියන සොෆ්ට් එක බාගන්න{ http://symbiandev.cdtools.net/ }.ඒක බාගෙන කොම්පියුටරේට දාගන්න,හරිනේ,දැන් ඕක ඕපන් කරගන්න,මම අංක පිළිවෙලට කියන්නම් කරන්න ඕනෙ දේ
1)New Project එකක් ඕපන් කරන්න
2)Tools>Sign package යන්න
3)ඒකේ key Pair වලට යන්න
4)එතන certificate කියන එකට siscontents.cer ඔටෝම තෙරිලා ඇත්තෙ,...Private keyඑකට siscontents.key සිලෙක්ට් වෙලා ඇති,(තමන් කැමති කී එකක් හරි සෙටි‍ෆිකේට් එකක් හරි දෙන්න පුලුවන් මම හිතන්නෙ.මම තාම මේ ගැන වැඩිය ටෙස්ට් කලේ නෑ,) Profile name කියන එකටත් කැමති නමක් දෙන්න,දැන් apply  කරන්න.
5)Ctrl+O ඔබලා තමන්ට සයින් කරන්න ඕනෙ පැකෙජ් ෆයිල් එක ඕපන් කරගන්න,එතකොට යටින් certificate chains කියල එකක් ඇවිත් ඇති,
6)දැන් Tools>Delete Signatures ච්ලිච්ක් කරන්න.එතකොට එන මෙසේජ් එක OK කරන්න.දැන් අර certificate chains ටික ඩිලීට් වෙලා ඇති,,signing status වල unsigned කියලා ඇති.
7)Tools>Sign Package වලට යන්න.ඒකෙ package tab එක ඕපන් කරලා signing Profile කියන තැනට අපි කලින් හදා ගත්ත Profile එක දෙන්න.ඊට පස්සෙ add signeture කිඅන බටන් එක ඔබන්න..දැන් අර certificate chains ටික ආපහු ඇවිත් ඇති,,signing status වල signed කියලා ඇති.
8)දැන් sis ෆයිල් එක සේව් කරගන්න. 
ඒ වැඩේ ඉවරයිඅපි දැන් බලමු vivaz,satiyo වගෙ එව්වට ovi store එකෙන් ඇප් උස්සන්නෙ කොහොමද කියලා ;)මම මේ දීල තියෙන ලින්කුවෙන් අවශ්‍ය ෆයිල් ටික බාගන්න,{ http://symbiandev.cdtools.net/ }ඒකෙ තියෙන 2PythonForsModulPack-E signed.sis කියන ඇප් එක අර කලින් කිව්ව විදියට සයින් කර ගන්න,හරිනෙ?? ඒක මුලින්ම ඉන්ස්ටෝල් කරගන්න.ඊට පස්සෙ iPhonesque.sis තුන් වෙනියට  User Agent Changer.sis ඉන්ස්ටෝල් කරගන්න..දැන් UA Changer ඇප් එක ඕපන් කරලා nokia n97 සිලෙක්ට් කරන්න,ඔච්චරයි,Default Browser එකෙන් store.ovi.mobi එකට ගියාම n97 කියල ditect කරගන්නවා,අපිට ඔඉන ඇප් එකක් බාගන්න පුලුවන්.මම ovi Suite එක බාගන්න හැදුවා.බට් එරර් එකක් එනවා.බලමුකෝ.හදාගත්තොත් මම කියන්නම්

CONVERSATION

0 ක් අදහස්:

Post a Comment