හින්දි සින්දු වල සිංහල තේරුම් දීම



ඔන්න ඉතින් දවස දෙක තුනකට පස්සේ බ්ලොගියට පොඉස්ටුවක් දාන්න තරම් වටිනා දෙයක් හම්බ උනා.දන්නවනේ අපි ඉතින් මේ කෙහෙම්මල් උපෙයක් නිසා අතරමං වෙලා කුජිත වෙලා ඉන්නවා කියල.මොනවා කරන්නද?සංසාර කරුමෙනේ.ඉතින් මේ යන්නේ උපේ ගැන කියන්න නම් නෙමේ.
අපිට මේ සතියේ කෙමිස්ට්‍රි රිවිසෝන් වල තිබ්බේ කලාප සමතුලිතතාවය.ඕක තාම තියරි ක්ලාස් එකේවත් කලේ නැති කොට රිවිසෝන් එකේ කලාම හිතාගන්න පුළුවන්නේ,අප්පේ එදා නිදමත කට කපල එකයි.කලින් දවසේ නිදා ගන්නකොටත් 1 පැනල.ඉතින් මොනවා කරන්නද.මැයි තව එකෙකුයි එක්කහු වෙලා කම්මැලි කම යන්නත් එක්ක පොඩි ව්‍යාපෘතියක් කළා.හැබැයි හොරෙන්.ඕක අපේ අනිත් උන්ට පෙන්නුවම හොද ප්‍රතිචාර ආපු නිසා බ්ලොගියට දාන්න කල්පනා කළා,මොකක්ද දන්නවද අපි කලේ.ඔය ටොපියේ තියෙන්නේ.අන්න එක තමා.හින්දි සින්දු වලට සිංහල තේරුම් දෙන එක.අපේ රත්ගමයා කොලුවත් ඉංගිරිසි පිලුම් වලට සිංහල වර්සෝන් එකක් හදල තිබ්බනේ.නාඩියා නාඩිරත්න කොලුවත් ඉංගිරිසි සින්දු වලට සිංහල නම් අබිසේක කොරල තිබ්බනේ පහුගිය ටිකේ.මේක අපේ 2013 උපේ වර්සෝන් එක.බ්ලොගියට දාන්න පුළුවන් එව්වා විතරය් දැම්මේ.18+  21- ඒවා දාන්න ගියේ නැ ඔන්.මනුස්සයෙක්ට කටක් ඇරලා කියවන්න පුළුවන් එව්වා ටික විතරක් දැම්ම
1)Doorian Hay Zaroori - දුරියන් හරි සරයි,හැබැයි ගදයි
2)Thumhi ho bandhu satha thumi- `තුමිද බන්ධු ද සතා?තුමී
3)Dil tho pagal hai-දිල්,තෝ මොන රෙඅද්දකටද ගල පගුවේ?
4)Diwana hai Deko-දිවාන්ගේ දෙක
5)Ek Ladki ko Dekatho asa laga-එක ලඩ්ඩුවක්ද දෙකක්ද ලග තියා ගන්න හොද?
6)Lal Du patta-අඩෝ,ලාල් මන තෝව පට්ට ගහනවා
7)Neela Nila Ambar- නිල් නිල්  අඹ
8)Hawa main udithi Jaye-හවස එන්න කිව්වම උදේ ආවේ ඇයි ජයේ?
9)Ladki badi anjanee hai-අන්ජානි සමග ලඩ්ඩුවක් කා බඩි බිම බෝතලයක් බිවෙමි
10)Andeka anjanesa-අන්ජානා,අන්න දෙක
11)Behti Hawa Sa Tha Woh-බේහෙත් දුන්නේ හවස තවන්න
12)Dil laga na- දිල් ලග නෑලු
13)Dilbara-දිල්ට බරයි ලු
14)Haare Haare Haare-හරේ,යාන්
15)Halla Re- රෑ හැලුණා
16)Jai Ho- දිනපු උන්ට හු කියමු
17)Kabhi alvida naa kehna-කබ අල්ලන්නතුව කහපන්
18)Sun Sara - ඉරේ සැර
19)Thaa raa rum pum-රා ද හොද? රම් ද හොද?
20)Mere Baap pehle aap-මගේ බාප්පා ආප්පයක් වගේ
                                                           
ඔන්න ඉතින් දාන්න පුළුවන් සින්දු ටිකක් දැම්ම,හොදනම් කොමෙන්ටුවක් දාල යන්න.අඩුපාඩු ඇත්නම් කරුණාවෙන් පහදන්න.තව Time Pass කරන්න වෙලාවක් හම්බ උනොත් මේ වගේ ජින්ජිබිරිස් එකක් දාන්නම්,අපි ගියා :)
ප.ලි:උබල හිතුවේ මෙව්වා ලියල මම නෝට් එක ලියාගත්තේ නෑ කියලද?නෝට් එකත් කොහොම හරි ලියගත්තෝ:ඩි

CONVERSATION

9 ක් අදහස්:

  1. කියන්නේ නැහැ මුකුත්... :p

    ReplyDelete
  2. :p කිව්වට වැඩකුත් නැතෑ.තෑන්ක්ස් දස්සා.:D

    ReplyDelete
  3. හෙහ් ෆට්ට ඈ (y)

    ReplyDelete
  4. පස්ට ඕයි හිනාවෙලා පනත් නෑ :v

    ReplyDelete
    Replies
    1. :o ඇඩ්රස් එක කියහන්,දානේ ගෙදර එන්න $-)

      Delete