විබාගෙට ඇත්තේ මාසයක් ය.මා මේ කතා කරන්නෙ උපේ කියන විබාගය ගැනය.එය ගැන කියලා වැඩක් නැත.ලියා ම බලන්න ඕනෑ ය.මහ එපා කරපු විබාගයකි.ලස්සනම අවුරුදු දෙකහමාර විනාස කළ යුත්තේ මෙයට ය.අනේ මංදා ය.මට නිකං හොල්මන් වගේ ය.එය විබාගය ළං වද්දී වන්නක් විය යුතුය.බයක්නම් නැත.බය වන්නේ විෂය දන්නා උන් ය.විෂය නොදන්නා අප වන් උතුමන් කවරකට බය වම් ද?
මාද වසර දෙකහමාරකට පමණ පෙර බ්‍රයිටෙක් වී සිටියේ ය.ඒ සුන්දර අතීතය අදටද මතක ය.දැන්නම් බයිටෙක්ම වෙලා ය.හරි කුජීත ය.ඒ සුන්දර දවස් වල අවසාන කාලයේ කොහේදෝ යන ගස්ලබ්බෙක් මට facebook ගැන කීවේ ය..විනාසය ආරම්බ වන්නේ එතැන් සිට ය.උට පාට පාටින් බඩ ගියත් මදි ය.මට ඌ මොකාදැයි මතක නැත.ඒ මගේ වාසනාවටද උගෙ කරුමෙටදැයි නොදනිමි.අපේ අසරණ අහිංසක කාලය නිසා මාක් සකර්බර්ග් හිපාටුවා කෝටිපතියෙකු විය.අප දුප්පත් වී ඇත..
කෙහෙම්මල් බුකියට ලොග් වීමට මා දැමූ එයාටෙල් කාඩ් වල ගාන එකතු කර ඒ ගානට රුපියලේ කොටස් සත දහයක ගත්තේ නම් මම අද බහුජාතික දේශද්‍රෝහී සමාගමක කොටස් හිමියෙක් ය.මෙව්වා අපේ අහිංසක හීන ය.
උපෙ පටන් ගන්නා කාලයේ සිටම මම හොදින් විබාගය ලියනවා යැයි සිතා උන්නේ ය.දැන් උවද හොදින් ලියන්නට ඔක්කොම සූදානම් ය.විබාග දෙපාර්තමේන්තුවෙන් ඕනෑ තරම් කොළ දෙන්නේ ය.ලිවීමට අවශ්‍ය පෑන් ද මා සතුව ඇත.එකම අඩුපාඩුව ලිවිමට කිසිවක් මතකයේ නොවීම ය.
කියන්නට ඕනෑ ය.මේ දවස් වල මට හොදින් නින්ද යන්නේ ය වෙනදාටද වඩා හොදින් නින්ද යන්නේ ය.ඒ අස්සේ එක එක පජාත හීන පේන්නේ ය.දවසක් මා උපෙ හීනෙන්ම ඔන්ලයින් ලියා ඇත.එදානම් පට්ට ය.පේපරේ විභාග අංකයක් අසා තිබුණේ නැත.අසා තිබුණේ ෆේස්බුක් යූසර් අයිඩී එකය.සිං සිං ගා එය ලියවුනේ ය.අල්ලපු වැටේ එකාව චැට් එකට අල්ලාගෙන යන්‍තම් උත්තර දෙක තුනක් ලිවේ ය.mcq වල බලන්න දෙයක් නැත.කොටු කොලේ ඔහේ ටික් දාගෙන ගියේ ය.හරියට newsfeed එකේ උඩ ඉදන් ලයික් දාගෙන එනවා වගේ ය....ව්‍යුහගත පේපරේ ගෙන බයිලයක් ලීවේ ය.නිකම් ඉස්ටේටස්සු දානවා වගේ ය.පට්ට ආතල් ය.ලිව්වෙ මොකක්ද කියා මටද මතක නැත...රචනා පේපරේ පිටිපස්සේ එකාගෙන් ශෙයා වි ය.කරුමෙට ststus via කෑල්ල සාලාදිපතියා දැක්කේ ය.ඌ මට පෝක් කලේ ය.මාද පෝක් බැක් කලේ ය..ඌ මාව බ්ලොක් කර විබාග සාලාවෙන් දොට්ට දැමීය.අපේ පන්තියේ ගොට්ටෝ ඊට ලයික් කළහ.එවේලේ මා හිතේ දුකට ලොගවුට් විමට උත්සහ කලේ ය.එවිට මොකක්දෝ සද්දයක් ඇසුණේ ය.මා ක්ලාස් එකේ ය.මම හීනයක් දැකලා ය.සර් සංගෘහිත සර්කිට් උගන්නන්නේ ය.මට මේ දවස් වල ඔහොම හීන පේන්නේ ය.
බුකිය ගැන ලියා පලක් නැත.මා දැන් යමි.එකෙක් දැන් මෙසේජ් කලේ ය.මට ෆොටෝ එකක් ඌ ටැග් කරලා ය.ලයික් හිඟා කන්නේ ය.බුකිගත වීමට මා යන්නේ ය.මෙවර උපෙ ලියන උබලා හැමෝටම සුභ විබාග සෙසන් එකක් වේවා.!මං වගෙ නැතුව හොඳට ලියපල්ලා.>>>>>අපි කැපුණා @#$&-==())@*&%$#
maxxa, aththa kathawa, heena nopenunath matath me dawas wala hondata ninda yanawa.
ReplyDeleteදවල්ට නින්ද නොයන මට දැන් දවල්ට කට කපල නින්ද යනෝනෙ බන් *_*
Deletemama ube set ekema thama.....
ReplyDeleteඅපි ඔක්කොම එක බෝට්ටුවේ තමා මචං :D
Deleteපට්ට හීනෙකි! :D
ReplyDeleteකොච්චර පට්ටද කියනවනම් සෑර් මට IC පෙන්නනව තව හීන බැලුවනන්.හොද වෙලාවට අරූ පෝක් කලෙ ;)
Deleteමේ හඩු භාෂාවෙන් හා ලියලා තියන වල් පල් වලින් පෙනෙන්නේ ඔයා ඒකාන්තයෙන්ම විභාගය අසමත් වෙන බවයි.
ReplyDeleteමෙය පැහැදිලි ඉරිසියාව යයි මට හැගේ :P
Deleteඅනිවා අනිවා ඇනෝ :D තැන්කූ බ්ලොග් පෝස්ට් එක කියෙව්වට සහ කමෙන්ට් එකට :D *-*
Deleteහොද වෙලාවට සාලාදිපතියා පෝක් කලේ :v
ReplyDeleteනියමයි මචන් (y)
නිදිමත කියන එක නම් මේ දවස් වල දරුනුවටම මටත් තියෙනවා බන් :/
~!@#$%^&*()_+
සාලාදිපතියා වෙලාව බලල පෝක් කරල තිය්‍ර්නව :v
Deleteවිටමින් බී12 ගත්තම නිදිමත අඩු වෙනවලු
හොඳයි මේ බ්ලොග් එක..මම අද තමයි ආවේ...දිගටම ලියන්න...අපේ පැත්තෙත් එන්න...
ReplyDeleteඑදිනෙදා ජීවිතය |
තැන්කූ සහෝ ආවට මේ පැත්තේ.ඒ පැත්තෙත් ඇවිත් යන්නම් :D (y)
Deleteලොල් ඔයි
ReplyDeleteහික් ඒලෙවල් ලංවෙන කාලෙට මෙහෙම වෙනවලු :3
Deleteමරෑ ආ බුකී හිනේහ් නම්
ReplyDeleteb-( :-t
Deleteඅගෙයි මේ style එකටම ලියන තව එකෙක් හිටියා. මට උගේ බ්ලොග් එකේ නම මතක නෑ...
ReplyDeleteරජාගේ අඩවියද?සෑමා ද? b-(
DeleteNiyamai machow.........Mawath bttuwata add karagannow.......
ReplyDelete