අයියෝ ගුගල් 2016 (Google I/O 2016)

මේ පාර ගුගල් අයියෝ (Google I/O) එකට රෙජිස්ට්‍රේෂන් දාන කොටම උණුසුම පට්ටේටම තිබුණේය.ඊට හේතුව 2014 අන්ලිමිටඩ් පිසා ෆ්‍රී දුන්න එකයි ටි ෂර්ට් එකයි ය.මේ පාර GDG එකෙන් ලින්ක් එක දාපු ගමන් අපිද රෙජිස්ටර් වෙන්නේ ය.නමුත් අපිට ඉන්විටේෂන් නම් එන්නේ නැත,අපේ සෙට් එකෙන් ඉන්විටේෂන් ආවේ බැටාට පමණි.අපිට හුලං ය,මෙවර අයිඩියාමාට්  GDG/RSVP එකෙන් මොකක්ද මන්දා ඇල්ගෝරිදම් එකක් දාලා ය,එකට අනුව අමුතු ක්‍රමේකට ලකුණු දුන්නේ ය,ලකුණු තිබ්බ සමහර උන්ටත් හුලං ය,කමක් නෑ කියා ගෙදර ඉන්න හදද්දී තඹරු ReadMeLK එකේ සිංහල බ්ලොගර් කෙනෙක් විදියට ඉවෙන්ට් එකට යන්න එනවද ඇසුවේ ය,මමද ඉවෙන්ට් එකට යන්නයි බ්ලොග් ලියන්නයි තියෙන උවමනාව නිසා හා කියා කිවේ ය,හසිත ජයසුරිය ට එන්න බැරි වෙන බව කියූ නිසා රිප්ලේස්මන්ට් එකක් ලෙස හැලයාද සෙට් කරගන්නට පුළුවන් විය.
තඹරු කිව්වේ හතරාමාරට එන්න කියලා ය.අපි SLECC එකට යද්දිත් මේකා කෝච්චියේ ලු ය,රෙජිස්ට්‍රේෂන් ටේබල් එක ලග රුවන්,අසිත් ඩබල සිටියෝය.උන්ගේ උපදෙස් පිට Exibitor රෙජිස්ට්‍ර්ෂන් කරන තැනට ගොස් ReadMeLK එකේ කන්ට්‍රිබියුටර්ස්ලා යයි කිවූ විට රෙජිස්ටර් කරන අයියා ReadMeLK එකෙන් කලින් ඇවිත් පාසස් අරන් යයි කිවේ ය.ඉතින් අපි ඇතුලට ගියේ ReadMeLK සම නිර්මාතෘ ඉනෝෂ් ව මුණ ගැසීමට ය.ඔහු සැබවින්ම සුහද පුද්ගලයෙකි.ඔහු සමග Andrew අයියාද සිටියේ ය,ඔහු සමග කතා කරන විට කොත්තුව සින්ඩියේ නිර්මාතෘ බව හඳුනා ගතිමි,මෙතෙක් බ්ලොග් කරුවන්ට අත දෙමින් වසර ගණනක් තිස්සේ පවත්වාගෙන යන සුපිරිම,වැඩිම හිට්ස් තියෙන සින්ඩිය වන කොත්තුවට අපේ ප්‍රණාමය පුද කල යුතුය.තඹරු අපේ බ්ලොග් ලිවීමට සහය වීමට තවත් අයෙකුට කතා කර තිබිණි,ඔහු යසස් ය,ඔහුද මඳ වෙලාවකින් අප සමග ෆිට් විය.


ඉන්පසු ඉන්විටේෂන් ලද අයගේ රෙජිස්ට්‍රේෂන් පටන් ගත්තේය.බැටා ද ගොස් රෙජිස්ටර් වී ආවේ ය,අප රෙස්ජිස්ටර් වී එන උන් කව්දැයි බලා සිටියෙමු,කියන්නට ඕනේ ය,අපි දන්නා එකෙක්වත් නැත,අපේ උන් සැහෙන්න ටෙක්  ඉවෙන්ට් වලට යන උන් ය,ලොකු කමකට නොකීවාට අපි ටෙක් ඩයල් සැහෙන්න දන්නේ ය,මේකේ ආපු  උන්ගෙන් 90%කම  නොදන්නා උන් ය,නැවතත් ඇල්ගෝරිදම් එකේ ලකුණු ගැන සැකයක් එන්නේ ය,මොකද හොඳටම පේන්න තිබ්බ විදියට රැන්ඩම් සිලෙක්ට් කර ඇත,ඒවා වැඩක් නැත.කෙසේ හෝ පැය බාගයක් විතර යද්දී ළහිරු හිමේෂ්,උදිත් ඉෂාර,යසන්ත හෙන්නායක සෙට් එක ආවෝ ,ඇති යන්තම් දන්නා උන් ටිකක් ඉන්නේ ය,
ටික වෙලාවකින් චතුලයාත් ආවේ ය, උන් එක්ක මම කතා කර කර හිඳ සෙල්ෆි ටිකක් ගැසුවෙමි
ගොතයෝ සෙට් එක (විතවුට් ලොකුම ගෝතයා චතුල)

ඊට පස්සේ තඹරු ආවා යයි උගෙන් කෝල් එකක් ආවේ ය.තඹරුව ගන්නට එලියට යන විට අසංක හෙන්දහේවා,රනුක,මුෂාෆ් ඇතුළු ට්විටර් සෙට් එක හමු විය.තඹරු ද එතනට සෙට් විය, සෙල්ෆි කීපයක් වැදුනේ ය,
ට්විප්ස් සෙට් එක

ඒ අතරේ ළහිරුට ලොකු ප්‍රශ්නයක් ය.ඇපල් වලට කුණු වෙන්න කඩේ ගිය මම සෝනි වලට බැහැපු එක ය.මේකාට මේ ෆොටෝ එක ගන්නට ඕනෙමයි කිවේ ය,පොඩි එකාගේ ආසාවනේ .

ළහිරුගෙ ආතල් 


බ්ලොගර් සෙට් එක


San Francisco ඉවෙන්ට් එක 10.23 ට පටන් ගත්තේ ය.මට භාර වුයේ ට්විටර් ලයිව් ෆීඩ් එකක් දෙන එකය,
දි පාස් 

තඹරුගෙ බ්ලොග් එක යසස් ට අප්ඩේට් කරන යන්න දුන් අතර මගේ බ්ලොග් එක හැලයාට හා බැටාට කරන යන්නට දුන් මා ලයිව් අප්ඩේට් එකක් ට්විටර් හරහා දීමට පටන් ගත්තෙමි,



ඒ අස්සේ නව්වා ලයිව් වයින් එකක් කලේ ය,ඒකට හිනා ගියේ නම් ලාවට ය.
වයින් එක කරන්නට ස්ටේජ් එකට යන ගමන් අපිට සෙට් වුයේ ය,රනුකගේ යාලුවෙක් වීම නිසාත් මගේ යාලුවෙක් වීම නිසාත් අපට වේව් එකක් දමාගෙන ගිය නව්වා ආපහු එද්දී අපට සෙට් විය,උටයි මල්ලිලාටයි ගේම් ගසන්නට ඕනේ යයි කියූ නිසා ගේම් ස්ටෝල් එකකට අපිද රින්ගුවෙමු.මුන්ට ගේම් දැක්කාම පිස්සු ය,ඔක්කොම අමතක ය.විලි ලජාවේ සන්තෝසේ බැරි ය,

ගහපන් යකෝ ගහපන් - නව්වා 

ඊට පස්සේ නව්වා හා මල්ලිලා ඩබල ගෙදර ගියහ.මමත් අනිත් උනුත් කන්න ගියෙමු ය.එහිදී අපට ඩයලොග් සිම් නිකම් හම්බු විය,මමත් ඩයලොග් සිම් එකක් ගන්න බලන් ඉදපු නිසා මෙහෙම හම්බුනා එකත් වටින්නේ ය,පලවෙනි කෑම එක චිකන් කොත්තුවක් ය,අපි කනකොට ගෑරුප්පු ඉවර වෙලාද කොහෙද ය,හැන්දෙන් චිකන් කෑල්ල කඩන එක දවසේ ගේම විය,තවත්  හැන්දක් ගෙන පොෂ් ටයිප් එකට කොත්තුව යන්තම් කෑවෙමු ය,කාලා ඉවර වෙලා බලද්දී මගේ බ්ලොගේ අප්ඩෙට් කරන්න දුන් බැටා,හැලයා ඩබල මොකක්දෝ කරගෙන ය,මම එතනට ගොස් බ්ලොගේට වචන දෙක තුනක් කොටා දුන්නෙමි,එහිදී බුවනෙක හමු විය,අප වැනිම ටෙක් පිස්සෙක් වූ ඔහුද අපේ වැඩේට සහය දීමට ඉදිරිපත් විය,මගේ බ්ලොගේ ටෙම්ප්ලේට් එක කාලෙකින් අප්ඩේට් කලේ නැති නිසා බුවනෙක එය අප්ඩේට් කරන්නට ඉදිරිපත් විය,ඒ අතරේ මම ලයිව් ට්විටර් අප්ඩේට් කරන එකද කරගෙන ගියෙමි,
බුවනෙක සමග ටෙම්ප්ලේට් තෝරමින් 

ට්විටර් එකේ කළු මල්ලි නොහොත් කසුන් එළම කිරි සින්දු කීපයක් කියා නිදිමතේ උන් අපේ අයියෝ සෙට් එක රොක් කලේ ය,


ඉන්පසු ෆේස්බුක් සිංහල ට්‍රාන්ස්ලේටර් ටීම් එකේ ලීඩර් බෝඩ් එකේ අංක 1 ඉන්න පසිඳු මුණ ගැසුණි,ඔහු සමග අංක 3 ඉරෝෂ් ද විය,මම අංක 10 ය,අපි සෙට් එකද නොසෑහෙන්න ෆොටෝ ගැසුවෙමු,ඉන්පසුව මම බ්ලොගේ අප්ඩේට් කරන දිහාට එන්ටර් උනෙමි,අපේ උන් සෙට් එක නිදි මතේ ය,මුන් කරනා අප්ඩේට් එකක් නැත,මම කරන්නට දෙයක් නැතිම තැන ලයිව් ස්ට්‍රීම් ලින්ක් එකක් එම්බඩ් කර පොඩි විස්තරයක් දැමුවෙමි,

බ්ලොගේ අප්ඩේට් කරමින් 

ග්රෝව්ත් හැකින් හෙවත් ව්‍යාපාර ප්‍රචාරණයේදී පාරිභෝගිකයන් ආකර්ෂණය කරගන්නා ආකාරය ගැන ස්පිච් එකක් ඇසුණු බැවින් බ්ලොගේ මදකට නතර කර මම කන්ෆරන්ස් එක තිබ්බ දිහාවට ගියෙමි,නියම ස්පිච් එකක් ය,තෑගී ද කිහිප දෙනෙක්ට ලැබුන හ,



ඒ අස්සේ ස්පිකර් විසින් නිදාගෙන ඉන්නා උන්ගේ ෆොටෝස් #SleepingIO හෑෂ් ටැග් එකට අප්ලෝඩ් කරන යයි කිවේ ය,හොඳම නිදා ගන්නා එකාට තෑග්ගක් හම්බු විය.අපේ උන්ගේත් ලස්සන ෆොටෝ ටිකක් තිබුණේ ය,


හැලයා සිහින දකිමින් 

නින්දෙයි සැප නින්දෙයි වෙනස-චතුල  

රුවන් අයියා ගැන සිහින දකින සුද්දා 


දෙවෙනි කෑම එක වුයේ චිකන් බනිස් එකක් ය,මට එයින් දෙකක්ම සෙට් වුනේ ය,උදේ බ්‍රෙක්ෆස්ට් එක විදියට පේස්ට්‍රි එකයි පැටිස් එකයි චීස් පෙති දාපු පාන් ද දුන්නේ ය,මේ පාර පිසා නම් නැත,කමක් නැත,මේවත් ඉතින් ශේප් ය,රනුකයා ගංවතුරට අසුවී පැමිණිය බවට තහවුරු වූ ෆොටෝවක්ද මේ මොහොතේ ලැබුණි.ඒකා ගංවතුර ආධාර කියා සිතා චිකන් බන් හතරයි වතුර බෝතල් දෙකයි උස්සන් ගියේ ය,පැපරාසි ෆොටෝවක් අසංක හෙන්දහේවා නොහොත් මුදියා ලබා ගත්තේ ය.

ගංවතුර ආධාර රැගෙන යන රනුක 

ටෙහාන් ගෙ ගීත කිහිපයකට පසු ReadMeLK එකෙහි කතාව රසිම් විසින් ඉදිරිපත් කරන ලද්දේ ය,සෆ්රාස්ගෙන් ReadMeLKලාට අවෝඩ් එකක්ද ලැබුනේ ය,ඒකනම් පට්ට ය,සෆ්රාස් ගෙ ස්පිච් එකකින් පසු ඉවෙන්ට් එක අවසාන විය,
ඉන් පසු ඉරෝෂ් පැවසුවේ මම මේ ලියු ආකාරයට අපේ අත්දැකීම් ලියන ලෙස ය,මම ඉතින් මෙම විස්තරය එහෙම පිටින්ම ලිවූවෙමි,සම්පුර්ණ විස්තරේම ලියා අවසාන කරන්නට යන විට ක්‍රෝම් බ්‍රවුසරේ not responding විය,dump ෆයිල් එකක් ක්‍රියේට් කලද එක 1 GB ට වඩා ලොකු ය,කරන්නට දෙයක් නැත,ලියු පොස්ට් එක සේව් වී නැත, පඇය එකමාරක් විතර අරන් මම ලිව්ව පොස්ට් එක ගංවතුරේ ගිහින් ය,ඉරෝෂ්නම් කිවේ කමක් නැත කියා ය,නමුත් හිතට හරි නැත,මම නැවත මෙසේ කොටුවෙමි,සමහර කොටස් මග ඇරෙන්නට ඇත,ඊයේ දවසම නිදි ය,මොකද අපි එන 190 බස් උදේ තිබ්බේ නැත,අයියෝ එක ඉවර උනේ 4.30 ට වගේ ය,ඒ වෙලාවට කොහද ඉතින් බස් ය,එනිසා අපි ස්ටෑන්ඩ් එකට යමු යයි හැලයා අදහස් දැක විය,ඉතින් අපද මුගේ පස්සෙන් ගියෙමු ය,මේකා අපිව මුළු කොටුව වටේම ඇවිද්දුවේ ය,

අන්තිමට කොහෙවත් 190ක් නැත,පයකට විතර පසු ආ 138/4 බස් එකක යන්තම් එල්ලී නිවාස ගත වන විට දවල් වෙලා ය,ඉතින් නින්ද නොයන්නේ කාටද ය.

සම්පුර්ණ සැන් ෆ්‍රැන්සිස්කෝ කී නෝට් එකම පහල වීඩියෝ එකෙන් බලා ගත හැක,අපට මෙම අවස්තාව ලබා දුන් ReadMeLK හි ඉරෝෂ් හා මහේෂ් අයියලාටත් මගේ බ්ලොග් එක කොත්තුව සින්ඩියට add කල Andrew අයියාටත් වරෙන් යන්න කිව්ව තඹරුටත් බොහොම ස්තුති ය,

Source:https://youtu.be/862r3XS2YB0



CONVERSATION

57 ක් අදහස්:

  1. I'm also there..... Good job covering the event!

    ReplyDelete
  2. Good One ayya ��
    iOS යූස් කරන අපිට එන්න බැරිද? ��

    ReplyDelete
  3. Nice one machan. Will try to finish my post also this week. :p

    ReplyDelete
    Replies
    1. තවම ලිව්වේ නැද්ද? >_< ලියලා මටත් ලින්ක් එක එවපන් :3 (මං ගැන මොනා ලියයිද කව්ද දන්නේ :3 )

      Delete
  4. Replies
    1. පට්ටය පට්ටය,එත් තව දන්න උන් හිටියනම් තවත් පට්ට ය,RSVP එකෙන් ගොඩක් TechGeek උන් හැලුවනේ :/

      Delete
    2. මල්ලි SLIIT එකේ 1st year නේද? ඇත්තටම සතුටුයි මල්ලි Tech ඩයල් සැහෙන්න දන්න එක ගැන. මන් මෙච්චර අවුරුදු ගානක් campus ගිහිල්ල, GDG, GBG, GMM, IEEE, ISACA, ISOC, Apache, StackOverflow වගේ communities එක්ක වැඩ කරලාත් තාම මෙහෙ Tech ඩයල් සැහෙන්න දන්නවා කියන්න තරන් නන් confidence එකක් නැ. මට මල්ලිව මීට කලින් meet වෙලා නැති එක තමා පුදුමේ.

      අපි ගිය අවුරුද්දේ Pizza දුන්නෙ නැ, ඊට කලින් අවුරුද්දේ දුන්නෙ. Selection කෙරුවේ නං RSVP.lk එකෙන් නෙමි, එක tool එකක් විතරනේ. එකට තාම තනියම හිතල කාවවත් select කරන්න බැහැ. මේ දවස් වල අපි research කරනවා Neo4J එහෙම දාගෙන කලින් event වල participation, අරව මෙව්වා අනුව selection කරන අයට suggest කරන්න, බලමු වැඩේ හරි යයිද කියල. කාවද ගන්නේ කියල select කෙරුවේ GDG Sri Lanka team එකේ අපි. එකත් ගිය අවුරුදු වල වගේ First Come First Serve නෙමි, එකෙන් Tech ඩයල් select වෙන්නේ කොහොමද? ඒ හින්ද අපේ Android Study Jam, University Outreach Programmes, GCP Next වගේ events වලට ආපු අයට, අපේ CodeLanka Git repo එකේ contributersලට අපි priority දුන්නා. ඒ අය tech enthusiastල කියන එක පැහැදිලිනේ. Kadira , Bhasha Lanka වගේ අපේ සිරාම dev set එකට VIP invitations දුන්නා. ඒ එකකටවත් අහුවෙච්ච නැති අයව තමා algo එකක් ගහල raffle එකක් ඇද්දේ. එකේදිත් Tech ඩයල්ලට වැඩි chance එකක් එන්න development කරලා තියෙන අයට අනෙත් අයට වැඩිය පොඩ්ඩක් වැඩි probability එකක් එන්න තමා random algo එක හැදුවේ. සාධාරණයි නේ? එකත් first round එකේ select වෙච්ච නැති නමුත් select විය යුතුයි කියල හිතෙන අයව හොය හොයා අපි second round එකේ අයෙත් invitations 300ගානක් යැව්වා. අපි මේකට සැහෙන්න මහන්සි උනා, හැමදාම නිදාගන්නකොට පාන්දර 3,4. මල්ලි අඳුනන අය පොඩ්ඩයි හිටියේ කියල අපිට මෙහෙම කියන එක සාධාරණයිද?

      අපි හිතනවා අපි හොඳ set එකක් select කෙරුව කියල. හිතුවට වඩා සැහෙන්න දෙනෙක් අන්තිම වෙනකල් හිටිය, හුඟ දේනේක් sessions අහගෙන හිටිය. පොඩි දෙනෙක් තමා ඔහේ විකාර කර කර සින්දු කියනකොටයි කන්න දෙනකොටයි දුවල ආවේ. මල්ලිගේ blog එකෙත් කාපු බීපුවයි, සින්දු කියපුවයි, selfie ගහපුවයයි ගැන නැතුව sessions ගැන මීට වඩා දැම්මා නන් වටිනවා. මොකද අපි සැහෙන්න හොඳ sessions සෙට් එකක් ready කරලා තිබ්බා, ඕවලට අපි සැහෙන්න මහන්සි උනා, Google එකෙන් speaker කෙනෙක් ගෙන්න ගන්න අපි වින්ද දුකක්. ඒ speakerගේ session එක ගැනත් බ්ලොග් එකේ දාන්න මල්ලි. Big Data ගැන, Apache Spark වගේ tools ගැන එහෙම sessions තිබ්බනේ, එව්වා ගැනත් දාන්න. Growth hacking එක විතරක් නෙමි sessions එකකට තිබ්බේ. මේ පාර keyNote එකෙත් සැහෙන්න වටින දේවල් තිබ්බනේ, ඒවා ගැනත් පොඩ්ඩක් explain කරලා දාන්න මල්ලි. කියවන කෙනාට දැනුමට දෙයක් එකතු වෙන්නත් ඕනනේ!

      Delete
    3. https://scontent-sin1-1.xx.fbcdn.net/v/t1.0-9/13164327_1112004868822311_842814414811329621_n.jpg?oh=09b86bbe50900d30706a85bb09545b10&oe=57D7C174

      https://scontent-sin1-1.xx.fbcdn.net/v/t1.0-9/13239313_1112005095488955_1387855680517288757_n.jpg?oh=d47bef22f788594489ab761334eb2854&oe=579DECBA

      මම කිව්වේ මෙන්න මෙහෙම දේවල් දැක්ක නිසා අයියේ,කමක් නෑ ඉවෙන්ට් එක හොඳට ඕගනයිස් කරලා තිබ්බා ඇල්ගෝ එක ඇරෙන්න,

      මම ස්ලිට් යන්න සෑහෙන කාලෙකට කලින් ඉඳන් developing වැඩ කරලා තියෙනවා,ඉන්ටනෙට් එකෙන් සෙල්ෆ් ස්ටඩි කරපුවා,අනික මම හරි අවුරුද්දේ ස්ලිට් ගියානම් මේ වෙද්දී තර්ඩ් ඉයර්,කැම්පස් එකක ඉගෙන ගන්න වසර වැදගත් නෑ කියලා මම හිතනවා,
      මම මෙතන දන්න ටෙක් ඩයල් කියලා අදහස් කලේ ඉවෙන්ට් එකකදී නිතර දකින මුණු ගොඩක් එදා දැක්කේ නෑ කියන එක,එතනින් මම අදහස් කලේ නෑ මම වැඩ්ඩා කියලා,තව එකක්,ටෙක්නොලොජි ගැන හොයන අයත් ඉවෙන්ට් වලට එනවා,ඩිවෙලොපර්ස්ලාම විතරක් නෙමේ,අන්න එයාලට සැහෙන්න අසාධාරණයක් උනා කියලා හිතනවා ඇල්ගෝ එකෙන්,tech enuthsiast ලව ගෙන්න ගන්නනම් ටාස්ක් එකක් දීලා recruit කරන්න තිබ්බා කියලා හිතනවා මන්,එනිවේ,මම මෙතන පොයින්ට් කලේ ඇල්ගෝ එකේ දුර්වලතා තිබ්බ බව,
      බ්ලොග් පොස්ට් එකේම කියලා ඇති ගෑරුප්පු තිබ්බේ නෑ අපි කනකොට,හිතාගන්නකෝ අපි කෑවේ කීයටද කියලා,කොත්තු ටික අයින් කරන්න ඔන්න මෙන්න වගේ තියලා කෑවේ, :p කෑමටයි ටිෂර්ට් එකටයි එනවනම් එන්නේ නෑ ගෙදර ඉන්නවා,මොකද ආපු මටවත් ටීෂර්ට් නෑ,අයිඩියාමාට් ස්ටිකර් එක සෆ්රාස් අයියගෙන් ඉල්ලුවා,ඒ වෙද්දී ඒවත් ඉවරයි,මම ආවේ ගුගල් sanfransisco ඉවෙන්ට් එක බලන්න,පරණ යාළුවො ටිකක් හම්බුන එකයි අලුතෙන් කිහිප දෙනෙක් හම්බුන එකයි sanfransisco ඉවෙන්ට් එකෙනුයි බලපු session කිහිපයෙන් ගත්ත දැනුමයි ඇරෙන්න වෙන නම් ලාබයක් හම්බුනේ නෑ අයියේ,සෙල්ෆිත් ගහපු ටික ඔක්කොම මේකේ ඇති,වෙන ෆොටෝ ගැහුවෙත් නෑ,සිංදු,සිංදු ගැන කියනවනම් කළුමල්ලිගෙ සින්දු ටික විතරයි මම අහන්න ඉස්සරහට ආවේ,කසුන් අයියා මම ට්විටර් ආපු බිත්තරේ කාලේ මම ෆලෝ කරපු අයගෙන් කෙනෙක්,නව්වගේ වයින් එක බැලුවා,ඌ මගේ යාලුවා නිසා,වෙන අපිනම් දුව දුව ආවේ ගියේ නෑ,
      ඔව් session ගොඩක් තිබ්බා,මම Big Data,UX,Growth HAcking,ReadMe Story එක,Safraz ගෙ ස්පිච් එක එහෙම ඇහුවා,අනිත් ටික ඇහුවේ නැත්තේ උඩ මගේ බ්ලොග් එක බාර දුන්න උන් කෙලෝගෙන තිබ්බ නිසයි අලුතෙන්ම ටෙම්ප්ලේට් එක ගහපු නිසයි,අපිනම් ආපු එකෙන් උපරිම දේ ගත්තා,
      ගුගල් ස්පිකර් ගැන,Sanfransisco වලදි සුන්දර් පිච්චෙයි ශ්‍රී ලංකා එක්ස්ටෙන්ඩ් ගැන කියපුවා ලියන්න අමතක උනා,ඒවා එක්ක තිබ්බ බ්ලොග් පොස්ට් එක තමා ක්‍රෝම් එක ක්‍රෑෂ් වෙලා නැති උනේ,ඒකට සොරි,මම ඒවා අප්ඩේට් කරන්නම්.
      :)
      එනිවේ අගය කරනවා අයියා රියල් ප්‍රොෆයිල් එකෙන්ම කමෙන්ට් කලාට ඔය පහලින් කමෙන්ට් කරපු ඇනෝ මහත්තුරු වගේ නොවී :)

      Delete
    4. කොහොමද ඔයාට 1000ක් select කරන්න දුන්නොත් කරන්නෙ. Manually?

      Delete
    5. out of 5000? what is the Criteria? recruit by Myself or with group?
      developers ලව ගන්නවානම් එයාල කරලා තියෙන ඩිවෙලොප්මන්ට්,ජොයින් වෙලා තියෙන ප්‍රොජෙක්ට්ස්,ඒ වලට ඇවිත් තියෙන රිවිව්ස් ගන්නවා,Tech Enthusist ලව සිලෙක්ට් කරන්නනම් මොකක් හරි problem එකක් දීලා කන්සෙප්ට්වයිස් සොල්ව් කරලා එවන්න කියනවා,එක්කෙනෙක්ට විනාඩි 10ක් වෙන් කලොත් පැයකට 6යි,පැය 10ක් කලොත් 60යි,15 දෙනෙක්ගේ ගෘප් එකක් මේ වැඩේ කලොත් දවසින් පුළුවන්, :) මේ මගේ අදහස,ප්‍රැක්ටිකල් වයිස් කොහොම වෙයිද දන්නේ නෑ, :)

      Delete
    6. Payakata 6i ethakota problems 500k hadanna ona neda? I/o eketh kalin events gana consider karala thiyene algo eka dakama penawane. Ethakota devs la karala thiyna dewal oya manually balnwada 5000ma. Dwsata 100 gane masa deka thunakwath balanna wei neda? Practical. (y)

      Delete
    7. ඔව් මල්ලි, කැම්පස් එකක ඉගෙන ගන්න වසර වැදගත් නෑ, ඔයා ජීවිතට එකතු කරගෙන තියෙන දේවල් තම වැදගත්. Session වලින් එන දැනුම සහ tech community එක අඳුනගන්න ලැබෙන එක තමා අපි දෙන්න බලාපොරොත්තු වෙන එකම දේ. ටෙක් ඩයල් කියලා අපි අදහස් කරන්නේ නන් Developerල, එකනේ Google Developer Group කියන්නේ. හැබැයි අපි ඔක්කොම Developerලම තෝරලා ගන්නේ නැතුව random selection එකක් ගැහුවේ newbiesලටත් chance එකක් එන්න ඕන හින්ද. First Come First Serve එකෙන් සාධාරණයක් වෙන්නේ නෑ කියල හිතුනු හින්දයි එහෙම කරන්නේ නැතුව් මේ විදියට වඩා සාධාරණ විදියට එක කෙරුවේ. කොහොමත් appy කරලා තිබ්බ ගානෙන් අපිට ගන්න පුළුවන් කම තිබ්බේ 1000, මොනා කරන්නද, 4000ක් විතර දෙනා කැපෙනවා. හිතෙන්නේ නැද්ද First Come First Serve තිබ්බා නන් මීට වඩා වැඩේ අවුල් කියල? මෙහෙමවත් tech ඩයල් තේරෙන්නේ නැ කියලා? අපි ඒක කලින් අවුරුදු වල දැක්කා.

      නිකන් හිතලා බලන්නෝය algo එක ගහන්න ඕක හදපු කෙනා කොච්චර මහන්සි වෙන්න ඇත්ද? ඔයා ඔය දාල තියෙන එව්වා වගේම තවත් ගොඩක් දේවල් අපි බැලුව 2nd round invitations යවනකොට. Elakiri එකේ thread ඉඳන් බැලුවා එකින් එක. ඕව කරනවට අපිට පඩි ගෙවන්නේ නෑ, අපේ වැඩ වලට යොදවන්න තියෙන කාලේ තමා ඔව්වලට කැප කරන්නේ. 5000ක් දෙනා කරලා තියෙන development, join වෙලා තියෙන ප්‍රොජෙක්ට්ස්, ඒ වලට ඇවිත් තියෙන රිවිව්ස් ගන්නවා කියන්නේ පොඩි වැඩක් නෙමි මල්ලි. එහෙම කරන්න පුළුවන්නන් නොකර ඉන්නේත් නෑ. කියනවා වගේ ලේසි නෑ කරන්න. කොහොම වෙතත් මන් හිතන්නේ GDG Sri Lanka team එක ඊළඟ අවුරුද්දේ ඉඳන් ඕනවට වඩා හොඳ වෙන්න යන්නේ නැති වේවි. First Come First Serve තමා කාටත් හොඳ!

      Delete
    8. @lakmal : නෑ මම කියන්නෑ Prob 5000k ඕන කියලා,එක එක්කෙනාට විවිධ අදහස් තියෙන්න පුලුවන්නේ,
      හැම Dev එකම මැනුවලි බලන්න ඕනත් නෑ,සමහර ඒවා දැක්කම තේරෙනවනේ බලපු ගමන්,
      තව previous participation තිබ්බෙ නැති අයට ඉන්විටේෂන්ස් ආවා,ඒ වගෙම එකම වෙලාවේ ෆෝම් ෆිල් කරපු,එකම ඩිටේල්ස් ඇඩ් කරපු දෙන්නෙක්ගෙන් එක්කෙනෙක්ට විතරයි ඉන්විටේෂන් ආවෙ,ඒව වැඩක් නෑ,ඉවෙන්ට් ඕගනයිසින් එක එළ,මට තියෙන අව්ල ඇල්ගො එක විතරයි,මගේ අදහස මම කිව්වෙ,ලබන පාර First come first serve ත් නැතුව,මේ පාර වගේ ඇල්ගො එකේ වේට්ස් දෙන විදියත් පොඩ්ඩක් වෙනස් කරලා හදනවනම් එළ, (y)

      Delete
    9. @MILINDU SANOJ KUMARAGE : අයියම කියනවා රැන්ඩම් සිලෙක්ශන් එකක් ගියා කියලා,සමහරු නෑමයි කියනවනේ, 😂
      එනිවේ ලබන පාර මීට වඩා හොඳට කරන්න පුලුවං වෙයි කියලා හිතනවා,මේ පාර හැලුන අයගෙන් මම දන්න tech enthusiastsල කීප දෙනෙක් ඉන්නවා කලින් හැම IO එකකටම ආපු,එයාලත් නෑ,
      ඔව් මම දන්නවා ඉවෙන්ට් එකක් කරන එකේ තියෙන කට්ට,ඒ කට්ටට හරියන්න එල ඉවෙන්ට් එකක් කලානේ,දැන් ඇති මේක ගැන කතා කලා 😂 නැත්තම් මෙතනත් ජාතිවාදී ෆේස්බුක් පෝස්ට් එකක් වගේ වෙනවා,ලබන පාර මීට වඩා එළට කරන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා,රෙජිස්ට්‍රේෂන් වලදි ෆිල්ටර් කරන එක පොඩ්ඩක් මීට වඩා වෙනස් කරන්නයි කියලා ඉල්ලනවා, ජය වේවා!!! :)

      Delete
    10. LOL, this bugger haven't even checked the algo obviously, but gives 1000 talks how bad the algo is! Very geeky!

      Delete
    11. Haha LOL I checked Algo few times when you guys post about algo :v And I didn't gave 1000 talks as your GDG guys.I can see how ego you guys.Good luck geek bro, :P I hope you will comment using your own GOOGLE profile instead of ano :3

      Delete
  5. ෂා මෙයා මාර ටෙකී ඩයල් එකක්නේ :v :p

    ReplyDelete
    Replies
    1. හෑ? මේ මම? නෑහ් :3

      Delete
  6. හම්මේ මෙයා ලංකාවේ ගොඩක් ටෙක් ඩෑල්ස්ලා දන්නවානේ. මේ බ්ලොග් එක කියවලා මට ටෙක් බඩගියා ඕයි!

    ReplyDelete
    Replies
    1. ඇනෝ අයියේ,උඩ මම MILINDU SANOJ KUMARAGE අයියට දීපු රිප්ලයි එක කියවන්නකෝ මුලින්,
      (බඩ ගියානම් බොන්න අසමෝදගම්,බඩේ අමාරුව කොහෙන් ගියාද දන්නේ නෑලු :p )

      Delete
  7. How can i become a tech geek. like you

    ReplyDelete
    Replies
    1. Use GOOGLE :p I mean before you become tech geek,you need to set up google account to comment on blog posts like this instead of Reply as Ano :p

      Delete
  8. මල්ලි මම දැනගෙන හිටියේ නෑ මෙච්චර tec ඩැල්ස්ලා දන්න පොරක ස්ලිට් එකේ ඉන්නවා කියලා.දන්නවා නම් ස්ලිට් එකේ ඉවෙන්ට් වලට ස්පීකස්ලා හොයන වැඩේ උබට බාර දෙනවා.මල්ලි ලැජ්ජර්‍ය බන් ඌඹ ගැන.පොඩ්ඩක් හොයලා බලපන් ඉවෙන්ට් එකක් කරන්න කොච්චර අමාරුද කියලා. අනේ ප්ලිස් මල්ලි මට ඌබේ ටෙක් ඩයල් ට්කගේ email ට්ක එවන්න .අනිත් ඉවෙන්ට් වලට Invite කොරන්ඩ.

    ReplyDelete
    Replies
    1. ඉවෙන්ට් කරන්න අමාරු බවනම් මමත් දන්නවා,මම මෙතන කියල තියෙන්නෙ ඇල්ගො එක අවුල් කියල මිසක් ඉවෙන්ට් එක අවුල් කියලා නෙමේනේ
      උඩ මිලින්ද අයියට දාපු රිප්ලයි එක කියවන්න,එතන පැහැදිලි කරලා ඇති මම අදහස් කරපු දේ,

      Delete
    2. malayo ubata pluwanam oya algo eka elaga para use karanna liyala deepan ko.ubata wadath na ne thama csn first year late batch eke ne.api ethakota ethagapara used karanam ube oya tec dial tika select wena widihata.

      Delete
    3. Late එකේ නිසා වැඩ ස්ටොක් වී ඇත,Regular එකේ ගානට ගන්නට සෙම් එක කෙටි කර ඇති බවින් විවේකයක් නැත,
      ලබන සෙම් එකත් බිසී වීමට ඉඩකඩ ඇත,ඊට හේතුව CSN අපේ සෙට් එකක් Professional Cource එකක් කිරීමට සුදානම් වී සිටීමය. :)

      Delete
  9. ඔය කියන විදියට developers ලව select කරන්න 2017 event එකට දැම්ම registration open කරන්න වෙයි :3

    ReplyDelete
  10. +milidu oya athi ban mun wage ewunta kiyala wadak na ,meya sliit eke developing wada godak kara lu ne.ane ape kale hitiye na ne me wage dial :p :P

    ReplyDelete
    Replies
    1. Yeah, true, I'm done with this. No more comments.

      Delete
    2. @Pamuditha : ඔයා නැට්ට පාගගත්තට මං පලි නෑ.ස්ලිට් එකේ ඩිවෙලොප්මන්ට් කරපු කතාවක් කියලා නෑ කොහෙවත්,හරි හරි,මම Noob,ඔයා තමා ස්ලිට් එකෙන් එදා මෙදාතුර බිහි උන සුපිරිම වැඩකරු,හරි මන් පිලිගන්නම්කො,දැන් ඇති නේද?එක වචනයක් අල්ලන් කියවන එක,මම මේක දාද්දි නිකමටවත් හිතුවේ නෑ GDG/RSVP එකෙන් මෙච්චර ප්‍රතිචාර හම්බවෙයි කියලා :p බලං ගියාම අයියා වගේ මරු ටෙක් ඩයල් නේ ඉන්නේ නේ 😂 ඉවෙන්ට් එකේ හොඳ කොච්චර කිව්වත් පේන්නේ නැති උන් එක වචනෙක වැරද්දක් අල්ලන් දඟලන එක හරි කුජීතයි මහත්තයෝ නේ?
      @MILINDU SANOJ KUMARAGE : ඔව් දැන් ඇති

      Delete
    3. මම ස්ලිට් යන්න සෑහෙන කාලෙකට කලින් ඉඳන් developing වැඩ කරලා තියෙනවා,meka ma wenna athi kiyanna athe neda malayo.mama wada karaya kiyala kuwe na ne nikan gon part danna epa mali.ubala wage un eka wada kara kara enna welawak na.

      Delete
    4. //මම ස්ලිට් යන්න සෑහෙන කාලෙකට කලින් ඉඳන් developing වැඩ කරලා තියෙනවා,// මේකෙන් අදහස් කලේ මම iOS කීබෝඩ් එක හැදුව එක,රොම් develop කරපු ඒවා ගැන,ස්ලිට් ආවේ මේ අවුරුද්දේ උනාට මං ඒවා කලේ ඉස්කෝලේ යන කාලේ,එකයි එහෙම කිව්වේ,ඔයා තේරුම් ගත්ත විදියයි අයියේ වැරදි,මට කා එක්කවත් අනවශ්‍ය වලි දාගන්න ඕනේ නෑ,මේක දැන් නවත්තමු,මන් දන්නවා ස්ලිට් ෆොස් එක රන් කරේ අයියලා කියලා,තව අවුරුදු කීපයකින් ස්ලිට් ෆොස් එක අපිත් රන් කරයි,එදාට මෙහෙම කඹ ඇදගෙන හරියන්නේ නෑනේ එදාට සප් එක දීපන් අයියේ,එච්චරයි,මන් දාපු පෝස්ට් එකෙන් හිත රිදුනානම් සොරි වෙන්න ඕනේ,දැන් ඇති මේක. 😁😁😁😁

      Delete
  11. Algo eka baluwda kiyahanko isarala? Uba oya kiyna widiyata algo ekak liyala github dapanko apata blna ethakota iwarane case eka.. ita kalin select une nathuwa adana unta probability gana kiyala denna wenwa.. mokda 1/5 chance ekak kiyna eka therum ganna amaru bawa penwa.. oya adurana tech geeksla adui kiyala thiynwa, ethakota tech geeksla okoma oya adurannama onada? Lankawe IT undergraduatesla ke dahak inwda :P

    ReplyDelete
    Replies
    1. Probability gana kiyanna one naha ban.1/5 select karapu eka habawa,eth aapu hamoma tech enthusiastla kiyala 100%k sure da?Milindu aiyata mama dapu 1st reply eke link deka balala ennako mulin.
      P.S:mama uda ano ta kiwwa wage algo eka kipa sarayak kiyewwa code lanka repo eke dammama,
      //oya adurana tech geeksla adui kiyala thiynwa, ethakota tech geeksla okoma oya adurannama onada? Lankawe IT undergraduatesla ke dahak inwda :P// Off topic ne,man kiwwe events waladi mita kalin dakala thiyena,katha karala thiyena tech enthusiastla me para godak hitiye na kiyana eka,mata probability gana kiyala denna kalin sarala sinhala poddak igena gaththanam narakada aiye :p

      Delete
  12. Kata waachala kamata kiyawala lokuwa dela dan shape wela wadak na, dewal kiyanna kalin hithala balapan, hama detama widiyak thiyenawa.minissu mahansiwela deyak keruwahama, eka eka gon katha kiwwahama, mala painawa, Twitter eke ranganna ona ne.ochara ma one Nam https://github.com/CodeLanka/io16extended-selection
    Onna oke algo eka wenasa karapan https://github.com/CodeLanka/
    Onna oke project thiyanawa contribute karapan.mata meta wada mewa reply karanna widihak Na wada thiyanawa.apita mokuth labenawata karau dewala nawaie me.lankawe developer community eka wenuwen karapu dewala.podak deyak karanna kiyanna making hoyala balapan.good luck.SLIIT ekedi dawasaka meet wemu ko

    ReplyDelete
    Replies
    1. Kata wachala kamata dewal kiwwe kawda kiyala comment baluwama penawa.oyalage set ekama balan giyama maara EGO set ekakne,podi deyak point out kalama na apimai hari kiyala hithan inna jathiye ayane,It's Okay,I don't care,And mata shape wenna oneth na :p moko man mage blog eke mage adahasa liwwe,ekata ithin oyalata mewwa una kiyala man mak karannada?
      free time ekaka repo ekata contribute karannam,ape sem eka fast track yana ekak kiyala oya danagena inna one man hithanne,saha CSN unta 1st year wadak naha kiyala kiwwwa ekenma loku kama penawane aiye :p SE unta wada CSN unta wada wadi kiyala SLIIT eke idapu top geek danne nathi ekai pudume :p

      Delete
  13. Kata waachala kamata kiyawala lokuwa dela dan shape wela wadak na, dewal kiyanna kalin hithala balapan, hama detama widiyak thiyenawa.minissu mahansiwela deyak keruwahama, eka eka gon katha kiwwahama, mala painawa, Twitter eke ranganna ona ne.ochara ma one Nam https://github.com/CodeLanka/io16extended-selection
    Onna oke algo eka wenasa karapan https://github.com/CodeLanka/
    Onna oke project thiyanawa contribute karapan.mata meta wada mewa reply karanna widihak Na wada thiyanawa.apita mokuth labenawata karau dewala nawaie me.lankawe developer community eka wenuwen karapu dewala.podak deyak karanna kiyanna making hoyala balapan.good luck.SLIIT ekedi dawasaka meet wemu ko

    ReplyDelete
  14. බුදු අම්මෝ උඩ සහනාදාර වලට වලියක් දන්නේ නෑ වගේ ඉන්ට ඕනි :D

    ReplyDelete
    Replies
    1. :p මමත් අද ඉදං දැක්කේ නෑ වගේ ඉන්නවා ඔන්න ඔහේ :v

      Delete
  15. ඔය උඩින් පම්පෝරි ගහලා තියෙන ඔක්කොටම කියන්නේ

    ඇත්තටම කියනව නම් මේ පාර ලංකාවෙ GOogle IO එකක් නෙමෙයි තිබ්බේ, Dialog IO එකක්, ඒකේ ගූගල් එකේ කෑල්ලක් ස්ට්‍රීම් කලා කමර්ශල් බ්‍රේක් එකට වගේ, ඔය මහ ලොකුවට කියන සෙශන් වලින් බාගෙට බාගයක් ඩයලොග් එකේ පම්පෝරිය ගැහුවේ.

    පතරංග ඇල්ගොරිදම් එකට පින්සිද්ද වෙන්න ඉන්විටේශන් ආවේ නැති හින්දා, නොයා ඉන්න හදද්දි, ඔෆිස් එකට VIP කියලා ඇවිල්ලා තිබ්බා ඉන්විටෙශන් එකක්, ඉතින් ගියා, කන්නත් නෑ VIP උන්ට, එහෙම Exhibition එකට විතරක් ඉන්වයිට් කරනවා නම් VIP කෑල්ලක් නොදා ඉන්වයිට් කලා නම් හොද නැද්ද, වෙලාවට දන්න එකෙක් හිටියා උගෙ කෑම එක තමයි කෑවෙ බාගේ බාගේ

    ඊට අමතරව මගේ යාලුවො හිටියා ආතල් එකට ටී ශර්ට් එක ගන්න ඩයලොග් එකේ වැඩ කරන අය මාර්ගෙන් ඉන්විටේශන් ගෙන්න ගත්තු, උන් ටී එක ගත්තා, කෑම කෑවා ගියා, යාලුවො උනත් කැත වැඩේ.

    ReplyDelete
    Replies
    1. හා හා,ඔයා කව්රු උනත් ඇනෝ අයියා,මේ ලංකාවේ ටොප් ක්ලාස් ඩිවෙලොපර් අයියලාට මුකුත් කියන්න එපා,එයාලා කැමති නෑ වෙන කවුරුවත් බග් එකක්වත් කියනවට, :3 (ක්ලයන්ට්ලා එක්ක කොහොම වැඩ කරනවද මන්දා :3 )

      Delete
  16. ඕයි මම මුදියා නෙවෙයි -_- සෙද්ද
    මුදියගෙ අලුත් කාඩ් එක කිඹුලා

    ReplyDelete
    Replies
    1. එහෙනම් උඹ තමා මාදු ගඟේ කිඹුලා :3

      Delete
  17. මේක ඇනෝ දාන්නේ නම දාලා සූටියට හදාගෙන තියෙන ප්ලේස් එකට කෙලකරගන්න ඕන නිසා
    ඇත්ත 2014 එක ෆ්‍රී අන්ලිමිටඩ් පීසා දුන්නා. ඒකෙන් වුනේ බහුතරයක් ඉවෙන්ට් එකේ වෙන දේවල් වලට ඔලුව දෙනවට වඩා පීසා කන්න පෝලිමේ ගියා. පීසා ගන්න පොර කන්න පුලුවන් වුන අය කෑවා.බැරි අයට නැති වුනා.
    2015 එකේ ෆ්‍රී අන්ලිමිටඩ් දුන්නේ වතුර විතරයි. නෙස්කැෆේ දුන්නෙත් හැකතන් ඉදපු අයට විතරයි.
    කෑම බීම ගැන කතා කරනවා නම් මේ අවුරුද්දේ කෑම බීම ලස්සනට මැනේජ් කරලා සිරාවට දුන්නා.
    ටී ෂර්ට් එකත් පට්ට.
    2014 ඉවෙන්ට් එක තමා මේ ඉවෙන්ට් තුනෙන් කලර්ෆුල්ම ඉවෙන්ට් එක
    2015 තමා චාටර්ම එක
    2015 ලොස් වුන ලොස්විල්ල හැටියට 2016 සෑහෙන්න හොදයි
    2016 එකේ දුක හිතෙන එකම තැන ඔය සිලෙක්ෂන් ප්‍රොසෙස් එක.
    පබ්ලික් ඉවෙන්ට් එකකට රංගකලා පීඨයේ කෙනෙක් ආවත් අපිට මුකුත් කියන්න බෑ.
    හැබැයි tech enthusiast කෙනෙක් සිලෙක්ට් කරන්න තිබ්බ හොදම විදිය LInkedIn profile එක
    අඩුගානේ Professional වෙන්න හදන කෙනෙක්ද කියලවත් දැනගන්න තිබුනා ඒක ගැන පොඩ්ඩක් ඔය ඇල්ගොරිතම් එකේ හෙව්වා නම්.
    බායි

    ReplyDelete
    Replies
    1. 2016 ඉවෙන්ට් එකේ ඔර්ගනයිසින්,සෙසන් ඇරෙන්ජින් ඔක්කොම හොඳයි බන්,ඇල්ගෝ එක රෙපෝ එකේ රිලීස් කල දවසේ ඉඳන් මට සෑහෙන්න කුතුහලයක් තිබ්බා random සිලෙක්ට් කලාවත් දෝ කියලා,ඒ දවස් වලනම් ඔර්ගනයිසර්ස්ලා කිව්වේ නෑ නෑ අර වේට් වල ස්කෝර් වලින් තමා ගත්තේ කියලා,ඇල්ගෝ එක හදන්න සම්බන්ධ උන මිලිඳු අයියම උඩ කියල තියෙනවා random සිලෙක්ෂන් එකක් ගියා කියලා,අන්න ඒක කිව්වම ඉතින් මෙයාලා රෙදි උස්සන් ඇවිත්,අනේ මන්දා :/
      එනිවේ ඇනෝ අයියා තෑන්ක්ස් ෆොර් කමෙන්ට් ඈ.
      PS:මෙයාලට මේ රිදිලා තියෙන්නේ ෆස්ට් ඉයර් එකෙක් කිව්ව නිසානේ :p අපිත් දවසක 4ත් ඉයර් එනවා සහ ඉවෙන්ට් වලදී,ඩිවෙලොපින් වලදී නම හදාගන්නවා කියලා මේ "EGO" අයියලාට තේරෙන්නේ නෑ,මටනම් ගානක්වත් නෑ,අයියා කවුරු උනත් ඇනෝ දාපු එක හොඳයි,

      Delete
  18. නිමේෂ්

    චාන්ස් එක නොලැබුණා නම් පාඩුව උඹට නෙවෙයි . ඉවෙන්ට් එක සංවිදානය කරන උන්ට . මොකද උඹට එකේ කොන්ටෙන්ට් එක පස්සේ හරි ගන්න පුළුවන් . හැබැයි වැරදි උන්ව තොර ගත්තම වෙන්නේ උන් කරන වැඩෙන් තේරුමක් නැතිවෙන එක.

    මාතෘකාව දානකොට පොඩ්ඩක් හිතපන් ඒක ලිපියට සාදරණද කියලා . මමත් ආවේ සීන් එක ගැන වැරදි චිත්‍රයක් මවා ගෙන්

    අනිත් එක තමයි ඇල්ගොරිදම් එක සාදාරනීකරණය කරන්න යන එක තේරීමේ ක්‍රමවේදය සාදාරනීකරණය කරන්න යන එක හෙන ගොබ්බ වැඩක් ඉතින්. ( එක කිව්වේ උඹට නෙවෙයි ) .

    ටෙක් ඩයල් කියලා ජාතියක් වර්ග කරන්න බෑ බන් . මොනවා හරි ටෙක් එකක් ගැන හැම එකාම උනන්දුයි . ඉතින් පුනක්කු නම් බෙදන්නේ හරක්ට එන්න කියනවා මිසක් බල්ලොන්ට පුසොන්ට එන්න කියලා උන් පුනක්කු කාවිද කියල බලන්න හදන එකත් ඉතින් හෙනම ගොබ්බයි.( එකත් උඹට නෙවෙයි ) .

    "රුවන් අයියා ගැන සිහින දකින සුද්දා " ඒක පට්ට .............

    ReplyDelete
    Replies
    1. ගුගල් අයියෝ කියන නම ඇදිලා ආවේ මෙයාලගේ ඇල්ගෝ එකෙන් හැලුන IT Enthusiast ලගේ ෆේස්බුක් පෝස්ට් වලින්,මොකද හොන්දාකාරම සුදුසු කම් තිබ්බ අය හැලිලා තිබ්බ නිසා,පස්සේ එයාල අර හොරෙන් මෙව්වා උන VIP පාස් වලින් ආවා,ඒක වෙනම කතාවක්,ඒක නිසයි අයියෝ ගුගල් දැම්මේ,හසිත අයියා දන්නවනේ අපේ බ්ලොග් ලියන සක්කිලි බාසාව :p කියවන එකා කම්මැලි භාෂාවකින් තිබ්බොත් නොකියවන නිසා අපි කොච්චර අමුතු වචන හදනවද නේ? ඒ වගේ ෆේස්බුක් එකේ එකෙක් කියලා තිබ්බ අයියෝ ගුගල් කියන පොස්ට් එකකින් මම මාතෘකාවට නම ගත්තේ,

      ඔව් හසිත අයියේ,මටනම් පාඩුවක් නෑ,මොකද මම ෂර්ට් එකවත් බලාපොරොත්තු නොවී ඉවෙන්ට් එකට ගියා.මම ඇල්ගෝ එක ගැන දැම්මේ ඒක අසාධාරණ නිසා,සමහරුන්ට තියෙන අලි මානසිකත්වය නිසා අපි වගේ පොඩි එකෙක් දෙයක් කිව්වම කිව්ව එකයි වැරදි,කමක් නෑ ලංකාවනේ,ගුගල් හෙඩ් ඔෆිස් එකේවත් නැතුව ඇති මෙහෙම උන් :p

      ටෙක් ඩයල් :3 මේක තමා සතියේ වචනේ :v ඇත්තටම IT enthusiast ලා කියන එක මන් අදහස් කලේ,බ්ලොග් කියවනම් හැම එකාම ඔව්වායේ තේරුම් දන්නේ නෑනේ,සරලව දැම්මේ එකයි,අන්තිමට කෙල උනෙත් ඒකයි :v

      Delete
  19. There are many thing behind the Google IO extended 2016 Sri Lanka.
    BTW thanks MILINDU SANOJ KUMARAGE for your valuable contribution to the various tech forum and thanks RSVP.lk guys to smooth reg process.
    Even thanks all bloggers including නිමේෂ් නිෂාර to contribute and distribute the content via online media.
    One more thing want to mention n here.
    Google IO extended event NOT focusing n the geeks or high tech guys.

    ReplyDelete
  20. Nimesh good content for entertainment but this is not what happened please rectify your post! People like you are the reason why we loose official events in Sri Lanka!

    ReplyDelete