SLIIT OSM Mapathon - OSM මැප් කරපු හැටි

20 සිකුරාදා ස්ලිට් එකේ FOSS ප්‍රසිඩන්ට් පසිඳු මට ෆේස්බුක් මෙසේජ් එකක් දැම්මේ ය,එහි තිබුණේ Mapathon එකක් ගැන විස්තර ය,මට ඒ මොකක්ද කියා හරියට තේරුනේ නම් නැත,ඒ නිසා වට්සැප් කෝල් එකක් දමා ඒ ගැන විමසුවෙමි.එහිදී ගංවතුර ඇති ප්‍රදේශ සහ ගොඩනැගිලි සිතියම් ගත කරන බව දැනගන්නට හැකියාව ලැබිණි,වැඩේ තිබුණේ වෙසක් දවසේ ය,වෙසක් දවසේ තවත් වැඩ දෙකක් දී තිබිණි,වැඩමුළුවකට සහබාගි වීමට යාමට සහ ආධාර බෙදා දීමේ වැඩසටහනකට සහබාගි වීමට ය,නමුත් මම mapathon එක තෝරාගත්තේ ස්ලිට් එකේ වැඩක් නිසා ය,මේ mapathon වැඩේ ස්ලිට් FOSS කමියුනිටි එකේ අය කරන්නට බාරගත්තේ නිමාලිකා මිස් ගෙ මෙහෙය වීම මත ය,FOSS එකේ වැඩක් නිසා අත ඇරලා කොහොමද ය.
වෙසක් දවසේ උදේ බස් නැත,එපා වෙනවා ය.වෙනදාට 697 බස් එකේ අතුරුගිරියට රුපියල් 20ක දුරක් එන්නේ ය,බස් නැත,එනිසා මොනා කරන්නටද ය,පයින්ම අතුරුගිරියට ආවේ කරන්නට දෙයක් නැති නිසා ය.190 බස් එදා යන්තන් වැඩ ය,මාලබේට එන්නට යන්තම් පුළුවන් විය,එතනින් 177ක එල්ලුනේ ස්ලිට් එක ලගට එන්නට ය,10 ට ස්ලිට් එකට එන්නට කිව්වට මම එද්දී 10.30යි ය,මම එද්දී පසිදු ඇවිත් නැත,පසිඳු එනකම් දුපතකට වී සිටියෙමි,2 වෙනි තට්ටුවේ ඕපන් ඒරියා එකට යද්දී නිමාලිකා මිස්,සිතිර සහ ඕමාර් ඇවිත් සිටිය හ,අප ගොස් මඳ වෙලාවකින් නාගෙනම කාවින්ද 1 ආවේය.කාවින්ද 2 සහ ගනිඳු අයියා ආවේ ටිකක් දවල් වෙලා ය,
මේක Disaster Management Centre (DMC) of Sri Lanka හි වැඩක් ය,ආපදා තත්වයකදී මේ ආකාරයට සිතියම් ගත කර තිබීමේ වාසිය තහවුරු උනේ හයිටි භුමි කම්පාව වෙලාවේ ය,මෙවර මහා ගංවතුර අවස්ථාවේ ලංකාවේ ආපදා කලමනාකරණ මධ්යස්ථානයේ විශේෂ ඉල්ලීමක් මත මෙම ගංවතුර ඒරියා වලට top priority එකක් දීලා ය.
මේ ප්‍රොජෙක්ට් එක කරන්නට බාර අරන් තිබ්බේ නිමාලිකා මිස් ය,ඕමාර් OSM(Open Street Map) වල මැපින් කර පුරුදු කාරයෙක් ය.මටත් පසිඳුටත් JOSM සෙටප් එක මිස් පෙන් එකකට දාලා දුන්නා ය,අපි සෙටප් එක ඉන්ස්ටෝල් කරගෙන එතන තිබුණ රවුටරේකට වයිෆයි කනෙක්ට් වුනෙමු,මඳ වේලාවකින් මිස් අපට JOSM (Java open Street Map) වලින් වැඩ කරන හැටි කියා දුන්නා ය, (JOSM වලින් වැඩ කරන ආකාරය මෙතනින් කියවන්න)

මේ ආකාරයට සිතියම් ගතැහැ කරන වැඩ කෙරීගෙන යන විට මිස් අපට පීසා ඕඩර් කළා ය,නමුත් ගංවතුර තත්වය පාරවල් වහලා නිසා පිසා හට් එකේ අය එන්නට බෑ යයි කිවො ය,මිස් පසිඳුට මුදල් ලබා දී මොනා හරි ගෙන්න යයි කීම නිසා පසිඳුයි කාවින්දයි කෑම ගේන්න ගියෝ ය,මුන් දෙන්නා කිලෝමීටර් ගානක් පයින් ගොස් බිස්කට් අරං ඇවිත් ය,ගංවතුරෙන් අසරණ වූවන්ට වියළි ආධාර ලබා දුන්නා  වගේ ය,බිස්කට් කමින් ඩිව් බොමින් වැඩේ කළෙමු,මේ අතර විදේශයක සිට ස්කොල් එකක් ලබා පැමිණ සිටි ඔමාර් මගේ කොමික් කලෙක්ෂන් එකයි ටීවී සිරිස් කලෙක්ෂන් එකයි සුද්ද කලේ ය.




ෆන් එකේ වැඩේ කරගෙන යන අතර මිස් කොහේදෝ මන්දා ගොස් අපට දිවා ආහාරය ලෙස ෆ්‍රයිඩ් රයිස් ගෙනත් දුන්නා ය,ස්ලිට් එකේ කැන්ටින් වල ළමයින් දෙන කෑම වලින් පෝෂණය වන බල්ලන් කිහිප දෙනෙක් වාසය කරන්නේ ය,උන්ගෙන් 3ක් 2වන තට්ටුවට පැමිණ අප කන දෙස බලා සිටිය නිසා අප කෑම එකතු කර උන්ව බේස්මන්ට් එකට එක්කන් ගොස් කන්නට දුන්නෙමු,බල්ලෝ බල්ලෝ මය යන්න සනාථ කරමින් චිකන් කෑල්ල විතරක් කෑ එක බල්ලෙක් ඉවතට ගිය අතර අනෙකා ඉව කර ගියේ ය,අනේ මන්දා ය,උන්ට ඕන කෙහෙම්මලක් කරගන්න කියා අප සිතියම් ගත කරන්නට ආපහු ආවෙමු,

මේ ආකාරයට හවස 6 පමණ වන තෙක් වැඩේ කෙරීගෙන ගිය අතර අප ගෙවල් බලා යාමට පිටත් වෙද්දී 6 විතර වෙලා ය,මම,පසිඳු,කාවින්ද 1,කාවින්ද 2,සිතිර, අපි සෙට් එකම අරංගල පැත්තට එන්නට ඕනේ ය,එහෙත් 177 බස් එකක් ආසාවටවත් පේන්න නැත,පැය බාගයක් පමණ බලා සිට ඩිමෝ බට්ටෙකුට සිතිරද කොහෙද අත දැම්මේ ය,ඩිමෝ බට්ට නැවතුනේ ය,ඩ්‍රයිවර් අයියාට බස් නැති බව කියූ විට අපව අරන්ගලින් බස්සන්නම් කිවේ ය,අපිද පිටිපස්සේ එල්ලුනෙමු,ඩිමෝ බට්ටාගේ පිටිපස්සේ සිට කහන්තොට පාරේ යන එකත් රෝලර් කෝස්ටර් එකක යනවා වගේ ය,18 වංගුව පරාද වෙන්නට වංගු ය,ඒ අස්සේ CINEC පාර යට වෙලා නිසා මාලබේ යන වාහන යන්නෙත් කහන්තොටින් ය.ඒ මදිවට පිස්සු බම්ප් වෙන බම්පර්ස් ය.මේ ඔක්කොම අස්සේ සිතිරට සෙල්ෆියක් ගන්නට ඕනේ වෙලා ය,ෆොටෝග්‍රෆර් කාවින්ද හා මම එම අවස්ථාවේ පවතින අඳුරු වාතාවරණය යටතේ සෙල්ෆියක් ගත්තොත් වදින්නේ ෆොටෝ එකක් නොව නොයිස් ගොඩක් බව කෙතරම් පැවසුවත් සිතිර සෙල්ෆියක් ඕනේ බවටම කියා සිටියේ ය,මොනා කරන්නද ය,පසිඳුගේ සන්සුන් පෝන් එකෙන් සෙල්ෆියක් ගහන්න සුදානම් වුනෙමු,අන්තිමට නොයිස් ගැන සිතිරට හොඳින් අවබෝධ වීම නිසා යහතින් ඉතිරි දුර යාමට හැකි විය,
ඩ්‍රයිවර් අයියා අපිව මිහිඳු මාවතෙන් බැස්සවී ය,අයියාට පිං දී අප එන්නට ආවෙමු,මම යන්නට ඕනේ 190 ය,නමුත් බස් නැත,අනිත් උන් අරන්ගලට පයින් යන්නේ ය,මමත් උන් එක්කම් පයින් ගියෙමි,යන අතර අරංගල පාලම උඩදී 190ක් ආවේ ය,හෝල්ට් එකට තව දුර ඇත,මම අත දැම්මොත් බස් එක නවත්තන්නෙත් නැත,සෙට් එකම බස් එකට ඇත දැමී ය,ඩ්‍රයිවර් හිතන්නට ඇත්තේ මුන් ඔක්කොම නැගී කියා ය,බස් එක නතර විය,මම බස් එකට නැග්ගෙමි.ඩ්‍රයිවර්ට මාත් එක්ක ඌරු ජුවල් වන්නට ඇත,මම මක් කරන්නට ද ය.අතුරුගිරියට සැපත් වීමෙන් පසු බලද්දී 697 බසුත් නැත,ටුක් ටුක් ත් නැත,අතුරුගිරියේ තොරණයි දන්සලකුයි නිසා සෙනග නම් සූ ගාලා ය,එහෙත් එක ටුක් එකක්වත් නැත,යන්තම් පැය බාගයක් විතර බලන් ඉද්දි දන්නා එකෙක් මාව දැක යන් මල්ලි කියා ටුක් එකක දාගෙන ආපු නිසා 8.30 පමණ වන විට නිවාස ගත වීමට හකියාව ලැබුණි,වෙනස් ම අත්දැකීම් සෑහෙන්න ලබාගත් වෙසක් දවසක් ය,ඒකෙත් පොඩි මෙව්වා එකක් තියෙන්නේ ය,

CONVERSATION

0 ක් අදහස්:

Post a Comment