ෆ්‍රෙන්ඩ්ෂිප් වීක් වයිබර් ස්ටිකර්ස්


වයිබර් කියන්නේ අද කාලේ වෙනකොට නැතුවම බැරි ටුල් එකක් වෙලා,ෆ්‍රී කෝල්,මෙසේජස් නිසා තරුණ පරම්පරාව පමණක් නොව ව්‍යාපාර කටයුතු ආදියට වැඩිහිටි පරම්පරාවත් වයිබර් බාවිතා කරයි.තරුණ පරම්පරාව අතර වයිබර් ජනප්‍රිය වීමට හේතුවක් වන්නේ නොමිලේ මල් කැඩීමට,යාළුවන් සමග සම්බන්ධ වීමට හැකියාව ලැබීමයි.වියදම් වන්නේ ඩේටා වලට යන මුදල පමණක් නිසාය.

අප ෆේස්බුක් ටුවිටර් ඇතුළු සෝෂල් මිඩියා බාවිතා කරන විට අපට අදහස් දැක්වීමේ පහසුවට නැතුවම බැරි දෙයක් Emoji කියන්නේ,කුඩා රුපයක් මගින් අදහස දැක්වීමට හැකියාව ලැබීම නිසා වචන අඩුවෙන් භාවිතා කර අදහස් දැක්වීම කල හැකි වනවා.මේ නිසා සෝෂල් මිඩියා තුමා Emoji වලට වැදගත් තැනක් හිමි වනවා,මේ රූප මගින් අදහස් දැක්වීම තවත් තලයකට ගෙන එමින් වයිබර් විසින් ස්ටිකර් සංකල්පය හඳුන්වා දෙනවා,ස්ටිකර් මගින් අදහස් දැක්වීම Emoji වලටත් වඩා පහසුයි,මොකද කියවෙන පණිවුඩය ගැන හිතා ගන්න දෙයක් නෑ,අදාළ පණිවුඩය පැහැදිලිවම ස්ටිකර් තුල අඩංගු වෙනවා.එනිසා ස්ටිකර් මගින් චැට් එක සජීවී වෙනවා.
වයිබර් භාවිතා කරන්නන් ලංකාව තුල ඇති මහත් බැවින් ඔවුන් වෙනුවෙන් ශ්‍රී ලාංකික රසයක් ඇතුලත් සිංහල ස්ටිකර් පැක් කීපයක්ම මිට පෙර වයිබර් වෙතින් නිකුත් කෙරුණා.මසක් ඇතුළත ලංකාව තුල වයිබර් හරහා ස්ටිකර් මිලියන 80කට අධික සංඛ්‍යාවක් හුවමාරු වෙනවා.පසුගිය වසර ඇතුලත ලංකාව තුල ස්ටිකර් මිලියන 800ක් පමණ හුවමාරු වී තිබෙනවා.

මිට පෙර නිකුත් වූ සිංහල ස්ටිකර් පැක් ලබාගැනීමට පහත ලින්ක් මත ක්ලික් කරන්න.
i.  ඔයයි මමයි
ii. Dumpy the Baby Elephant
iii. කිටී බෝලෙ
iv. බෙබා
v. පපියා- The Brave
vi. පිස්සු කිටියා

ලෝක මිත්‍රත්ව සතිය (World Friendship week ) අගෝස්තු 1 සිට 7 දක්වා යෙදී තිබෙනවා.මේ නිසා මෙම සතිය සැමරීමට වට්යිබර් වෙතින් ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ස්ටිකර් පැක් 2ක් හඳුන්වා දෙනවා.

අඹ යහළුවෝ

යහළුවන් කියන්නේ සමහර වෙලාවට නෑදෑයෝන්ටත් වඩා වටිනා කට්ටියක්,එයාලා එක්ක චැට් කරද්දී ෆන් එකට කොච්චර දේවල්නම් කියනවද?සොරි බ්‍රෝ,පල පල,ආතල් වගේ නිතරම කියවෙන වචන සෙට් එක දැන් ඔයාලට ස්ටිකර් හරහා යවන්න පුළුවන්.දැන් යාළුවො එක්ක චැට් කරන එකත් පට්ටම ලේසි වෙයි සිංහල ස්ටිකර් නිසා
 

ඩම්පි හුරතලේ

ලංකාවේ අපිට අලි කියන්නේ සංස්කෘතික වටිනාකමක් තියෙන සත්ත්ව විශේෂයක්,එයාලාට විශේෂ තැනක් හිමි වෙනවා ඒ නිසා.මේ නිසා සංස්කෘතික වටිනාකමත් සහිතව වයිබර් වෙතින් ස්ටිකර් පැක් එකක් හදලා තියෙනවා හුරතල් අලි පැටියෙක්වත් දාලා,එයාගේ නම ඩම්පි,
                                                         
ඉතින් ඔයාලත් මේ ස්ටිකර් පැක් ඩවුන්ලෝඩ් කරගෙන චැට් එක ලේසි වගේම සජීවී කරගන්න,හැමෝටම happy friendship week :) 

CONVERSATION

0 ක් අදහස්:

Post a Comment