හායි මචංලා,වැඩි කතා ඕනේ නෑ. වැඩේට බහිමු .මම කියන්න යන දේ ගොඩක් අය දන්නවා ඇති.එත නොදන්නා අයට මේ කියන්නේ.

දැන් කස්ටිය මාර්කැට්ටුව පීරලා ඇප්පිකේෂන් බාගන්නවනේ.එත තියෙන ලොකුම අවුල තමන්ට පට්ට වගේ පේන ඇප්පිකේෂන් එකක් යාලුවෙක්ට දෙන්න ගියාම ,ෆොන් එක රීස්ටෝර් උනාම,ෆර්ම්වෙයාර්, කස්ටම් කරපු රෝමයක් දාගන්න ගියාම වගේ.මොකද ඇප්පිකේෂන් වල ඒපීකේ ෆයිල් එක අපි ගාව නෑ.නෑ කියල හිතුවට නැත්තෙමත් නෑ.එක ගන්න ක්‍රම සහ විධි තියෙනවා.මමනම් දන්නේ ක්‍රම දෙකයි.තව දන්න අය කමෙන්ට් කරන්න
1) මේක තියෙන්නේ රූට් කරපු කස්ටියට.රූට් කරපු කස්ටිය (රූට් කරන හැටි ගැන මම කලින් දාපු පොස්ට් එකක් ඇති.කැමති අය එක බලලා රූට් කරගන්න....[ https://www.facebook.com/groups/Mobilez/doc/315212388545585/ ])
දැන් රූට් එක් ස්ප්ලෝරර් එකෙන් මේ path එකට යන්න ෆොටෝස් වල තියෙනවා වගේ
/Data/app




ඔච්චරයි ඉතින්.ඔතනින් කොපියක් අරන් ඕන තැනකට පේස්ට් කොරගන්ට තමා තියෙන්නේ
1) මේකට රූට් කරන්න ඕනෙමද කියලානම් මම දන්නේ නෑ.එත මම හිතන්නේ ඕනේ නෑ කියලා. මාර්කැට්ටුවෙන් මේ ඇප්පිකේෂන් වලින් එකක් බාගන්න.(තව තියෙනවා.මම ගත්තේ පොඩිම සහ ලේසිම ඇප්පිකේෂන් දෙකක්)

“APP saver”
“APP backup & restore”
* APP saver නම් පහල රූපය බලන්න.ඔක්කොම එක පාරම සේව් කරනවානම් select all තෝරලා save කියන බටන් එක ටැප් කරන්න.එකක් සේව් කරන්න ඕනෙනං ඇප්ප් එක උඩ ටැප් කරලා සේව් කරන්න.

දැන් /sdcard/appsaver කියන පාත් එකේ සේව් වෙලා ඇති ඇප්ප් එක
* APP backup & restore එකෙත් වෙනවසක් නෑ.

එකේ සේව් වෙන්නේ /sdcard/app_backup_restore ෆෝල්ඩරේට.
මේකෙන් ඔයාලගේ ඇප්ප් වල අප්ඩේට් වලත් එපීකේ එක ගන්න පුළුවන් මම හිතන්නේ.මමනම් ඔෆිස් අප්ඩේට් අරන් තියාගත්තා.20Mb නේ ;)
අපරාදෙනේ සල්ලි අද කාලේ :p
අපි කැපුනා එහෙනම් :ඩී
0 ක් අදහස්:
Post a Comment