කොහොමද මචංලා ,දවස ගානකට
පස්සේ පොස්ටුවක් දාන්න හිතුණා.මේකත් Android
වැඩක්ම තමා Android 2.2 වලින් උඩට තියෙන වර්ෂන් වල ඇප්ලිකේෂන් මෙමරියට මූව්
කරන්න පුළුවන් කියල දන්නවනේ.එක නිසා ෆෝන් මෙමරිය ෆ්‍රී තියාගෙන ස්මූට් එකට වැඩ
කරන්න පුලුවන්න්නේ.මම මේ කියන්න යන්නේ 2.1 කට්ටියට ඇප්ලිකේෂන් මූව් කරගන්න හැටි .
අවශ්‍ය ද්‍රව්‍ය :
2) MiniTool Partition
Wizard Home Edition සොෆ්ට්වෙයාර් කෑල්ල(http://www.mediafire.com/download.php?snks57h0cp1e510)
3)App2SD කියන ඇප්ලිකේෂන් එක
4)කාඩ් රීඩර් එකක්
5)මෙමරියක්
6)වැඩ කරන කොම්පුටරයක්
සාදා ගන්න අන්දම (මෙය
ආහාර වට්ටෝරුවක් නොවේ :පී)
දැන් අන්තර්ජන්ජාලය
අනවශ්‍යයි
MiniTool Partition
Wizard Home Edition එක ඉන්ස්ටෝල් කරගන්න.
මෙමරිය කාඩ් රීඩර් එකට
දමන්න (කාඩ් රීඩරය අත්‍යවශයි,ඩේටා කේබල් බාවිතය ප්‍රතිපල රහිතයි.)
ඔය තියෙන ෆොටෝ එකේ තියෙන්නේ MiniTool Partition Wizard Home Edition එක.ඩිස්ක් 1 කියල තියෙන්නේ හාඩ් ඩිස්ක් එකේ පාටිෂන් ටික.ඩිස්ක් 2 කියල තියෙන්නේ අපි පාවිච්චි කරන මෙමරිය(ඩිස්ක් ක් වගේ පෙන්නුවට මෙතන හරිනම් ඩිස්ක් එකයි තියෙන්න ඕනේ ,මම කලින් පාටිෂන් කරපු නිසයි ඔහොම වෙලා තියෙන්නේ).
දැන් මෙමරිය උඩ Right click කරලා එන ඩ්‍රොප් ඩවුන් මෙනු
එකෙන් Delete කියන කමාන්ඩ් එක දෙන්න.ඊට පස්සේ ආයිත් Right click කරලා Create කියන එක දෙන්න.එතකොට මේ වගේ ඩයලොග් බොක්ස් එකක් එයි
Create as කියන තැනට Primary කියල දෙන්න.තමන්ට උවමන ප්‍රධාන
පාටිෂන් එකට අවශ්‍ය ස්පේස් එක තෝරලා දෙන්න ඕනේ.ඒ කියන්නේ වැඩි ඉඩ ප්‍රමාණයක් තෝරලා
දෙන්න ඕනේ.මොකද අපි මේ හදන පාටිෂන් එක තම අපි සින්දු එහෙම දාන්න යුස් කරන්නේඒ
වහෙම තමයි මේකට ඩිස්ක් ෆොර්මැට් එක Fat32 කියල දෙන්න ඕනේ.ඊට පස්සේ ok කරන්න.හරිනේ.එකත්
ඉවරයි.
දැන් අපි බලමු දෙවෙනි පාටිෂන් එක හදන්නේ කොහොමද කියලා.මේ වගේම තමා.ඉතුරු ඉඩ
ටික එකට තෝරලා මේ වගේම Create කරන්න,මේ වගේම ඩයලොග් බොක්ස් එකක් එයි,ඒකෙත් Create as කියන තැනට Primary කියල දෙන්න ඕනේ.ඒ පාටිෂන්
එකේ ෆොර්මැට් එක ext2 කියල තෝරන්න.දැන් ok කරන්න.අන්තිමට MiniTool
Partition Wizard Home Edition එක උඩින්ම තියෙන හරියක ලකුණ
ක්ලික් කරලා වැඩේ ඉවර කරන්න
ඕකට පස්සේ මෙමරිය ෆොර්මැට් වෙයි.දැන් අපේ වැඩෙන් 2/3 ක් ඉවරයි.
දැන් මමරිය ෆෝන් එකට දාන්න.දාල බලන්න මෙමරිය ගන්නවද කියල error එකක් එන්නේ
නැතුව.ආවා නේ.දැන් අපි කලින් අරගෙන ඉන්ස්ටෝල් කරගත්තු Link2SD ඕපන් කරගන්න.පහල
තියෙන රූප වල විදියටම කරන්න.
අපි
ගිය එහෙනම්.කොමෙන්ටුවක් දාල යන්නලා හොදේ :ඩී
0 ක් අදහස්:
Post a Comment