තමන්ටම කියලා Icon pack එකක් හදාගමුද?

මම අද කියන්න යන්නනේ තමන්ටම කියල අයිකන් පැක් එකක් හදාගන්නේ කොහොමද කියල.මුලින්ම බලල ඉමු මොකක්ද මේ අයිකන් පැක් එකක් කියන්නේ කියල.දන අපි ෆෝන් එක ෆ්ලෑෂ් කලාම හරි කඩෙන් ගත්ත ගමන් හරි රොම් එකක් ගහපු ගමන් හරි තියෙන්නේ ඩිෆෝල්ට් එන අයිකන් ටිකනේ.ඒ කියන්නේ සෝනි වල සෝනි අයිකන්,සැම්සුන් වල සැම්සුන් අයිකන්.අපිට මේ අයිකන් පැක් එකක්  CWM,WRP(Team Win Recovery Project) වගේ රිකවරි එකකින් ෆ්ලෑෂ් කරලා අයිකන් වෙනස් කරගන්න පුළුවන්.විශේෂත්වය තමා .apk එක replace කරන්න අවශ්‍ය වෙන්නේ නෑ.ඉතින් අපි දන බලමු මේ වැඩේ කරන්නේ කොහොමද කියල.මේක කරන්න රූට් කරලා තියෙන්නේ ඕන.රූට් කරලා නැති අය මෙතනින් පහල පියවර ටික කියවන්න කලින් ගුගල් සර්ච් කරලා හරි මොබයිල් ස්ටෆ් ෆේස්බුක් ගෘප් එකෙන් හරි හොයල රූට් කරගෙන ඉන්න........
අවශ්‍ය දේවල්
1)රූට් කරන ලද සහ රිකවරි එකක් ඉන්ස්ටෝල් කරන ලද ෆෝන් එකක්
2)update script එක සහිත vrTheme zip එකක්
3)අවශ්‍ය අයිකන් ටික
4)WinRar හෝ 7zip
5)ෆොටෝෂොප් හෝ ෆොටෝ වල රෙසලුෂන් වෙනස් කරන්න පුළුවන් සොෆ්ට්වෙයා එකක්
6)සාමාන්‍ය පරිගණක දැනුමක්
7)කල්පනා කර තේරුම ගත හැකි මොලයක් ;)

එහෙනම් වැඩේට බහිමු.ඔන්න මම යුස්‌ කරන vrTheme සිප් එක මම ඔයාලට දෙනවා.මේ ලින්ක් එකෙන් එක ඩවුන්ලෝඩ් කරගන්න.මම මගේ නොකියා අයිකන් පැක් එකත් සාම්පල් අයිකන් පැක් එකක් විදියට මම ඔයාලට දෙනවා.ඒකත් ඩවුන්ලෝඩ් කරගන්න.දැන් වැඩි දෙයක් නෑ.....
දැන් මම දීපු තීම් සිප් එක extract කරගන්න.එතකොට ඔයාලට මේ වගේ එකක් පෙන්න ඇති...\







එකේ යටම තියෙන vrtheme කියන ෆෝල්ඩරේ ඕපන් කරගන්න,එකේ system කියන ෆෝල්ඩරේ ඇතුලේ app වලට යන්න.......එතන දැන් තියෙනවා නේ ෆෝල්ඩර්ස් ගොඩක් හැම එකකම අගට  .apk කියල තියෙන.ඔන්න ඔය ෆෝල්ඩරේ තමා අදාළ ඇප්‍ එක නියෝජනය කරන්නේ.ඒ ෆෝල්ඩර එකක් ඇතුලට ගියාම res කියල ෆෝල්ඩරයක් ඇති.ඒ කියන්නේ  .apk  එකේ resources නැත්තම් මුලාශ්‍ර තියෙන්නේ ඒ ෆෝල්ඩරේ.....


                                                      
එකේ ඇතුලේ ඇති තියෙනවනේ drawable-hdpi,drawable-mdpi,drawable-xhdpi කියල ෆෝල්ඩර්ස්.ඔය drawable ෆෝල්ඩර්ස් ඇතුලේ අයිකන් ටික ඇති,සමහර app වල drawable වෙනුවට mipmap කියල ෆෝල්ඩර්ස් ඇති,ඒ ඇප් වල drawable  වල නෙමේ අයිකන් තියෙන්නේ,
                                    
ඔයාලට මෙතන නැති අප් එකක අයිකන් රීප්ලේස් කරන්න ඕනේ කියමුකෝ.එකට වැඩි දෙයක් කරන්න නෑ.ෆෝන් එකේ system/app වලට ගිහින් අවශ්‍ය කරන ඇප්‍ එකේ අයිකන් ෆයිල් එක drawable ෆෝල්ඩර් එකකද mipmap කියන එකකද කියල බලල අදාළ අප් එකේ විදියට පාත්(ෆෝල්ඩර්ස්) හදාගන්න ඕන,මම දීපු සිප් එකේ සෝනි වොක්මන් ඈප් එක නෑ කියල හිතමු.ඉතින්  ඔයාලට එක දාගන්න ඕනෙනං vrtheme\system\app වල වොක්මන් එකට අදාළ නම තියෙන ෆෝල්ඩර එකක් හදාගන්න ඕන,වොක්මන් එකේ .apk එකේ නම SemcMusic.apk.ඉතින් අපි vrtheme\system\app වල අලුත් ෆෝල්ඩරයක් හදල නම දෙනව SemcMusic.apk කියල.එක ඇතුලේ ෆෝල්ඩරයක් හදනවා res කියල.res ෆෝල්ඩරේ ඇතුලේ සබ් ෆෝල්ඩරයක් හදනවා.එකට නම දෙන්නේ drawable-hdpi හරි තමන්ගේ ඩිවයිස් එක mdpi නම් drawable-mdpi.මම කලින් බලාගෙන තියෙන්නේ වොක්මන් අයිකන් එක තියෙන පාත් එක.ඉතින් ඒ අදාළ විදියට තමා මේ ෆෝල්ඩර්ස් හැදුවේ.හරි ෆෝල්ඩර වැඩේ ඉවරයි...
දන අයිකන් ගැන බලන්න වෙලාව,ඔයාලට අවශ්‍ය අයිකන් වල රෙසලුෂන් එක තෝරාගන්න ඕන..
mdpi=36*36
hdpi=72*72
xhdpi=96*96
මේවා තමා අදාළ රෙසලුෂන්.තමන්ට අවශ්‍ය අයිකන් වර්ගයේ රෙසලුෂන් එකට resize කරගැනීම ඔබ සතුයි,මේ සදහා ෆොටෝෂොප් වගේ සොෆ්ට්වෙයා එකක් යුස්‌ කරන්න පුළුවන්.resize කරගත්තට පස්සේ පොඩි වැඩි කරන්න තියෙන්නේ,app එකේ අයිකන් එකේ නමට අදාලව අපි වෙනස් කරන්න යන resize කරගත්ත අයිකන් ටික rename කරගන්න එක.
                                
මේ උදාහරනේදී වගේ camera.png කියන එක රිනෙම් කරගන්න ඕන cam_application_icn.png කියන එකට....
ඒ වගේ තමන්ට වෙනස් කරගන්න අවශ්‍ය හැම අයිකන් එකක්ම,apk එක ඇතුලේ අයිකන් එක තියෙන අයිකන් එකේ නමින් රීප්ලේස් වෙන්න ඕන.(සෝනි අයට පහසුවක් වෙන්න මම අයිකන් පැක් එකේ නියමිත නමින්ම තියන්නම්,එතකොට ඔයාලට අයිකන් එක රිනෙම් කරන්න ඕන නම මම දීපු සිප් එකේම තියෙන නිසා වැඩේ ලේසියි,)
අන්තිමට කරන්න තියෙන්නේ පහත  ස්ක්රින්ශෝට් එකේ විදියට මේ ෆෝල්ඩර හතර සිලෙක්ට් කරලා සිප් එකක් හදන්න විතරයි.
                                        
එතකොට ඔන්න ඔයාලට flashable සිප් එකක් හැදිලා දැන්.මේ විදියටම
vrtheme\system\app වලට විතරක් නෙමේ vrtheme\system\framework වල framework-res.apk එකටත්, එලියේම තියෙන data ෆෝල්ඩරේ data\app වල(අපි ඉන්ස්ටෝල් කරන අප් යන්නේ මෙතනට) තියෙන අපි ඉන්ස්ටෝල් කරපු app වලත් අයිකන්ස් වෙනස් කරන්න පුලුවන්.දිගයි වගේ පෙනුනට හරිම සරල වැඩක්,පුරුදු උනාම app දහයක අයිකන් විනාඩි පහක ඇතුලත වෙනස් කරන්න පුළුවන්....... එහෙනම් අපි ගියා.කොමෙන්ට් පාරක් දැම්මට,ෆලෝ පාරක් දැම්මට මුකුත් කියන්නෑ හොදේ(මුදල් නොගෙවා ප්‍රචාරය කරන ලද ඇඩ් එකකි) :D







CONVERSATION

0 ක් අදහස්:

Post a Comment